වැස්සත් සමග මැණික් ගෙඟ් කිඹුල්ලූ වැඩිවෙලා

725

මේ දිනවල පවතින අධික වැසි නිසා කතරගම මැණික් ගෙඟ් ජලය වැඩි වී තිබේ. මෙම ජලය වැඩිවීමත් සමග මැණික් ගෙඟ් කිඹුලන් ගැවසෙන බැවින් දිය නෑමේ දී පරිස්සම්ව මැණික් ගඟ පරිහරණය කරන ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

මේ වනවිට මැණික් ගෙඟ් දැවැන්ත කිඹුලන් 20 කට වැඩි ප‍්‍රමාණයක් සිටින අතර නාගහවීදිය පාළම, අංක 02 පාළම වැනි ස්ථාන තුළ නිතර මෙම දැවැන්ත කිඹුලන් සැරිසරණ අයුරු දැකගත හැකිවෙයි.

සෑම වසරකදීම මැණික් ගෙඟ් දිය වැඩි වූ විටදී කිඹුලන්ගේ ප‍්‍රහාරයන්ට ගමේ සහ පිටස්තර ජනයා ලක්වන අතර මේ දිනවල මැණික් ගෙඟ් දිය නාන විට පරෙස්සම් විය යුතු යැයි කතරගම පොලිසිය බැතිමතුන්ට දන්වා සිටී.

කතරගම කේ. ඞී. දේවප‍්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment