වැස්සෙන් පීඩා විඳින වවුනියා වැසියනට සෞඛ්‍ය වර්ජනයෙනුත් පීඩා

63


වවුනියාව මහ රෝහලේ හෙදියන් හා සෞඛ්‍ය සේවකයින් විසින් අද ආරම්භ කරණ ලද වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බව වාර්තාවේ.වවුනියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහලට පැමිණ සිටින රෝගීන්ට හා සායන වලට සහභාගී වීම සදහා පැමිණ සිටින රෝගීන්ට මෙම වර්ජනය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුව ඇත.
හෙදියන්ගේ හා සෞඛ්‍ය සේවකයින්ගේ සංගම් වල වවුනියාවේ නියෝජිතයින් ප්‍රකාශ කළේ ඉල්ලිම් කීපයක් මුල් කරගෙන මෙම වර්ජනය පැය 48 ක කාලයක් දියත් කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment