වැස්සෙන් හතරක් මරුට..දෙදෙනෙක් අතුරුදන්

194

දිස්ත‍්‍රික්ක 10කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ හතරක් වාර්තා වී දෙදෙනෙක් අතුරුදන් වී පවුල් 1504 කට අයත් පුද්ගලයින් 6054ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුවට අද සවස් වන විට වාර්තා වී ඇත.

ආපදා තත්වය හේතුවෙන් නිවාස තුනකට පූර්ණ හානි වී නිවාස 432 කට අර්ධ හානි සිදු වී ඇත.

පීඩාවට පත් පවුල් 33කට අයත් පුද්ගලයන් 125ක් ආරක්ෂිත ස්ථාන හතරක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment