වැස්සෙන් 2ක් මරුට

131

‘දිවයිනට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මරණ දෙකක් ඊයේ (10දා) වාර්තා වී ඇත.

 ඉංගිරිය හ`දපාන්ගොඩ ඉ`දිකටුහන්දිය සපත්තු පාලම හරහා ගමන් කළ ති‍්‍රරෝද රථයක් සැඩපහරට ගසාගෙන ගොස් එහි ගමන් කළ ත‍්‍රිරෝද රථ රියැදුරු මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය රඹුක්කන ප‍්‍රදේශයේ පදිංචි ශ‍්‍රීමාල් ප‍්‍රියංකර නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි.

 නෙළුව ඇඹුලේගෙදර ප‍්‍රදේශයේ පදිංචි මවක් දරුවන් සිව්දෙනකු සමඟ දොලකින් එගොඩවීමට යාමේදී දිය පහරට හසුව ගසාගෙන ගොස් 08 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් ඇත.

 පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 128 කට අයත් පුද්ගලයන් 471 ක් ඊයේ (10දා) වනවිට පීඩාවට පත්ව තිදෙනෙකු තුවාල ලබා ඇත. නිවාස 39 කට පූර්ණ හානිවී නිවාස 89 කට අර්ධ හානි වී ඇත. පීඩාවට පත් පවුල් 47 ක පුද්ගලයන් 168 ක් ආරක්‍ෂිත ස්ථාන 03 ක රැු`දවීමට කටයුතු කර ඇත.

 චමින්ද සිල්වා,  හදපාන්ගොඩ රජිත, ප‍්‍රදීප්, තවලම -ආරියරත්න,  නාගොඩ – විතාන

advertistmentadvertistment
advertistmentadvertistment