වැස්ස අවසන් වූ වහාම වගා සංග‍්‍රාමය අරඹා අත්‍යවශ්‍ය ආහාර සුලබ කරනවා – මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ

139

2022 අයවැය විවාදය

මුදල් අච්චු ගැසීම ඉහළ ගිහින් උද්ධමනය වැඩිවෙලා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

ආණ්ඩුවට දැන් ඉතිරිවී ඇත්තේ මර්දනය විතරයි – එස්. එම්. මරික්කාර්

අපේ ආණ්ඩුව ගෙවල්  28000ක් හැදුවා – රාජ්‍ය ඇමැති ඞී. වී. චානක

මුල්වරට හාල් මෝල් හිමියන් හාල් මිල තීරණය කළා – හරීන් ප‍්‍රනාන්දු


පවතින වර්ෂා කාලය අවසන් වූ වහාම වගා සංග‍්‍රාමයක් ඇතිකර මාස තුනක් ඇතුළත රටට අවශ්‍ය එළවළු, පලතුරු, මස්, කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුලබ කිරීමට කටයුතු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (22 දා) පෙ.ව. 9.30ට රැුස්විණ.

නිවේදන, ලිපි ලේඛන, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව වරප‍්‍රසාද ප‍්‍රශ්න මතු කිරීම සිදුවූ අතර ඉන්පසුව 2022 වසර සඳහා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය සම්බන්ධ හත්වැනි දිනටත් විවාදය ඇරඹිනි.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා-

මීට පෙරත් ලෝකය තුළ ආර්ථික අර්බුද, ඛේදවාචක නිර්මාණය වුණා. නමුත් එම අර්බුද නිර්මාණාත්මක ලෙස විසඳගන්න ලෝක නායකයන්ට හැකිවුණා. අද වන විට අප මාතෘ භූමියත් දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. එදා ලෝක නායකයන් කි‍්‍රයා කළා වගේ අපි නිවැරදි දැක්මකින් කි‍්‍රයා කළහොත් අපටත් මේ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන් වෙයි. අද අපේ රටේ තිබෙන ප‍්‍රශ්නවලට මොනවද විසඳුම් කියා බැලිය යුතුයි. විශේෂයෙන්ම රජයට නිසි අවබෝධයක් ආර්ථිකය ගැන තිබිය යුතුයි. අප වේගවත් ආර්ථික සංවර්ධනයක් කළ යුතුයි හැබැයි එය සමබර විය යුතුයි. සැමට සමබර සැමට සෞභාග්‍යය උදාවිය යුතුයි. වෙළෙඳපොළට භාරනොදී ප‍්‍රශ්න විසඳීමට රාජ්‍ය නායකත්වය සෘජු විය යුතුයි. සැමට ආදායම් සම සේ බෙදී යන සමාජ ආරක්‍ෂණ කි‍්‍රයාවලියක් සිදුවිය යුතුයි. එය මානුෂීය ධනවාදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි. මෙහි අරමුණ විය යුත්තේ සැමට සෞභාග්‍යයයි. ඒ සඳහා ස්ථාවර ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුතුයි. අද රට තුළ උද්ධමනය සියයට 7.6ක් පමණ වෙලා. ආහාර ක්‍ෂේත‍්‍රයට එය 12.8ක් වෙලා. එය නිසි ආකාරව හසුරුවා ගත යුතුයි. මේ වන විට මුදල් මුද්‍රණය ඉහළ ගිහින්. නමුත් මුදල් මුද්‍රණය නොව සිදුවිය යුත්තේ මුදල් උත්පාදනයයි. මේ උද්ධමනය අපේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට සෘජුව බලපානවා. ශ‍්‍රම ශක්තිය අඩුවෙලා මුදලෙත් මුහුණතේ අගය වෙනස් වෙලා. එදා මිල සූත‍්‍රය ගැන බොරු බේගල් ඇද දැම්මා. නමුත් අද මුදල් ලේකම්තුමාත් කියනවා මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කරමු කියලා. මේ මොහොතේ කාර්මික නිෂ්පාදන විප්ලවයක් විය යුතුයි. ඒ තුළ රැුකියා බිහිවීම, විදේශ ආදායම් ලැබීම ආදිය සිදුවෙනවා. අද අප යන්තම්වත් ඔළුව උස්සගෙන ඉන්නේ ඇඟලූම් ක්‍ෂේත‍්‍රය නිසයි. මේ මොහොතේ ආකර්ෂණීය ආයෝජන ප‍්‍රතිපත්තීන්, පැකේජයක් හඳුන්වා දිය යුතු කාලයක් මේක. බදු ප‍්‍රතිපත්තියේ සම්පූර්ණ වෙනසක් විය යුතුයි.

වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් මහතා (දෙජාසං)-

රාජ්‍ය සේවකයන් මේ රටට බරක් කියලා කියනවා. නමුත් හමුදාව තමයි රටට බරක් වෙලා තිබෙන්නේ. පසුගිය කාලයේම වැඩියෙන්ම මුදල් වෙන් කරලා තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයටයි. දැන් රජයේ ඉහළ තනතුරු සඳහා හමුදාවේ අය යොදවනවා. ආණ්ඩුවේ වැඩ ඒ අය ලවා කර ගන්නවා. මේ රට දියුණු කරන්නනම් ඩයස්පෝරාවේ සහාය ලබා ගත යුතුයි. එසේ කළහොත් පමණයි මේ රට දියුණු කළ හැකිවන්නේ.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා (ශී‍්‍රපොපෙ)-

විපක්‍ෂ නායකතුමත් දැන් කතා කළ මන්තී‍්‍රවරයාත් විදේශ අයෝජන ගැන කිව්වා. එදා අපේ රජය පෝර්ට් සිටි ව්‍යාපෘතිය අරඹන කොට දිගට හරහට ගැහුවා. යුගදනවි සම්බන්ධයෙන් දිගට හරහට ගැහුවා. අම්බානි ආවමත් දිගට හරහට ගැහුවා. තානාපතිවරු හමුවීම ගැනත් විපක්‍ෂය කිව්වා. තානාපතිවරු හමුවීම සාමාන්‍ය දෙයක්. නමුත් විපක්‍ෂය දිගට හරහට මෙහෙම ගහන කොට විදෙස් ආයෝජකයෝ බිහිවෙනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා (සජබ)-

මේ අයවැයෙන් යම්කිසි සහනයක් ලැබෙයි කියලා ජනතාව හිතුවා. නමුත් එලෙස වුණේ නෑ. ජනතාවගේ බලාපොරොත්තු විනාශ වූ අයවැයක් මේක. දත්ත වෙනස් කරලා අයවැය පරතරය වෙනස් කරලා තිබෙන බව පැහැදිලියි. 2019 වසර වන විට යහපාලන රජය රටට ලබාදුන් විදේශ ආදායම් ඉපයීම්, රාජ්‍ය ආදායම් අද වන විට මේ රජය කඩා වට්ටගෙන. අපේ රටට විදේශ විනිමය ඒම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා. සංචාරක ක්‍ෂේත‍්‍රය කඩා වැටිලා. ඒ ක්‍ෂේත‍්‍රයේ අයගේ ණය පොලී කපා හරියි කියලා අපි හිතුවා. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමක් වෙයි කියලා අපි හිතුවා. එයත් වුණේ නෑ. බස් හිමියන්ට සහ ති‍්‍රරෝද හිමියන්ට සහනයක් දුන්නේ නෑ. ති‍්‍රරෝද හිමියන් අටලක්‍ෂයක් පමණ සිටිනවා. ඒ හැමෝටම සහන දුන්නොත් මේ වෙන්කරපු මුදලින් රුපියල් දෙකයි ශත හතරයි ලැබෙන්නේ. බස් හිමියන්ට රුපියල් 24යි ලැබෙන්නේ. විශාල රැුවටීමක් තමයි ආණ්ඩුව කර තිබෙන්නේ. රාජපක්‍ෂ පවුල වසර 12ක් මේ රට පාලනය කරලා තිබෙනවා. ඒ කාලය තුළ රුපියල් බිලියන 10000කින් ජනතාව ණය කරලා තිබෙනවා.

බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා මහතා (ශී‍්‍රපොපෙ)-

මුදල් ඇමැතිතුමා මේ අයවැය ඉදිරිපත් කළේ කම්බියක බයිසිකල් පදිනව වගේ කාටවත් තුවාල කරන්නේ නැතුව, සාමාන්‍ය ජනතාවට බදු පටවන්නේ නැතුවයි. ඒ මේ කොවිඞ් කියන පරිසර තත්ත්වය නිසයි. කොවිඞ් නැතිවුණා නම් මේ අයවැයට චෝදනා කිරීම සාධාරණයි. නමුත් අද එහෙම නෑ. පසුගිය යපාලන ආණ්ඩුවෙත් මම හිටියා. ඒ කාලේ මෙවැනි තත්ත්වයක් තිබුණේ නෑ. මෙවැනි අර්බුද තිබුණේ නෑ. මේ ආර්ථික අර්බුදය ලෝකයටම තිබෙන දෙයක්. ඇතැම් රටවල අයට කොවිඞ් මර්දන එන්නත දීගන්න බැරිවෙලා. නමුත් අපි එන්නත් මාත‍්‍රා දෙකම ලබාදීමට කටයුතු කරලා තිබෙනවා. ඒ ගැන විපක්‍ෂය හොඳක් දකින්නේ නෑ.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් මහතා (සජබ)-

මේ අයවැය සම්පූර්ණයෙන්ම දත්ත විජ්ජාවකින් සහ වචන සමූහයකින් මෝහනය කරපු එකක්. කොවිඞ් තත්ත්වය මැද වුණත් මේ කලාපයේ රටවල් ආර්ථික තත්ත්වය ස්ථාවරව තබාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව මුදල් අච්චු ගහනවා, රුපියල් අච්චු ගැහුවාට ඩොලර් අච්චු ගහන්න බෑ. මේ අයට ඒක තමයි ප‍්‍රශ්නය. අද රසායනික පොහොර ප‍්‍රශ්නය නිසා අපට විශාල අපනයන ආදායමක් අහිමි වෙමින් තිබෙනවා. මේ මොහොතේ තිබෙන ප‍්‍රශ්නවලට කිසිදු විසඳුමක් ආණ්ඩුව ලබාදීලා නෑ. පෝලිම් යුගයක් ඇතිවෙලා. ආර්ථිකය කුල්ල කුෂ්ක වෙලා තිබෙන්නේ. ඒත් මේ ආණ්ඩුවට ඒ ගැන ගාණක්වත් නෑ.

කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් මහතා (සජබ)-

පොහොර ප‍්‍රශ්නය නිසා වගාවන් අඩුවීමෙන් රට දැඩි අවදානමකට ලක්වෙලා. රසායනික පොහොර ගැසට් එක දැන් ආණ්ඩුව ආපස්සට අරගෙන. ඇමැතිවරු දෙන්නා දැන් ගහගන්නවා.

දැන් ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ මර්දනය විතරයි. අපේ පක්‍ෂය ජනතාවට නායකත්වය දෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරත් රට පොලිස් රාජයක් බවට පත්කරලා. පෙබරවාරි මස 9 දා පළාත් පාලන ආයතනවල කාලය අවසන් වෙනවා. පුළුවන්නම් ඡුන්දය තියලා ජනවරම බලමු. ආණ්ඩුව බයයි. ඡුන්දයට යන්නේ නැහැ විශ්වාසයි.

වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා-

සජිත් පේ‍්‍රමදාස මහතා වසර ගණනාවක් ඇමැතිවරයෙක් වෙලා හිටියා. මොනවද රටට කළේ. හම්බන්තොට දිස්ති‍්‍රක්කයට මොනවද කළේ. කිසිවක් නැහැ. මත්තල ගුවන්තොටුපළට වී පිරෙව්වා. ඉන් පාඩුවත් දරන්න වුණා. ඒ නිසයි ඔහු දිස්ති‍්‍රක්කයෙන් පැරදුණේ.

ජවිපෙට තිස්සමහාරාමය දුන්නා. ඉන් පසසේ කිසිවක් දිනන්ට බැරිවුණා. ඒ ඔවුන්ට කිසිවක් කරගන්න බැරිවූ නිසයි. දැන්වත් අපි හැමෝම එක්වී කටයුතු කළ යුතුයි.

පත්කළ මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා (සජබ)-

අවුරුදු දෙකකට පෙර ජනතාව මහ බලාපොරොත්තු රැුසක් ඇතිව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනපති කළා. රටක් දෙකක් හැරෙන්න කොයි රටේද පෝලිම් තිබුණේ. එතරම් අසාර්ථකයි.

ශානි අබේසේකර, රිෂාඞ් බදුර්දීන් හිරේ දැම්මා. පාඨලී, රාජිත අත්අඩංගුවට ගත්තා. දේශපාලන පළිගැනීම් වැඩිවුණා. 20 සම්මත කරද්දී එක එක බයිලා කියද්දී හැමෝම අත ඉස්සුවා. ඩඞ්ලිට හැමෝම යටවුණා. රටේ පළමුවරට හාල් මෝල් හිමියෝ හාල් මිල තීරණය කළා. ලැජ්ජයි. නුවරඑළියේ එළවළු පොළවල් වැහුවා. ජනවාරි වන විට රටේ එළවළු හිඟයක් එනවා.

ජනාධිපති හොඳ තීරණයක් ගත්තා වුවත් එය කරන්න ක‍්‍රමයක් තියෙනවා. රටේ නායකයා හරි තීන්දු ගත්තෙ නැත්නම් විනාශ වෙනවා.

ඉදිරියට යන අධ්‍යාපන ක‍්‍රමයක් අද රටේ නැහැ. මේ ගැන කාටවත් අවධානයක් නැහැ. ලංකාවේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය මොකක්ද කොළඹින් පිට රෝහල්වල පහසුකම් නැහැ. රටකට හරි ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. ලංකාවේ හැම මිනිහටම රක්‍ෂණයක් අවශ්‍යයි.

රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා-

මානසික ලෙඞ්ටු අනිත් මිනිස්සුන්ට ඇඟිලි දික්කරලා තමන්ගේ පීඩනය පිටකරනවා. අද වසංගතයත් තිබියදී පෝලිම් කිව්වා. එදා 2015 පසුව මොන වසංගතයක්වත් නැතිව පෝලිම් තිබුණා.

පසුගිය අවුරුදු පහේ බදුල්ලට වැඩ කළානම් හරීන් ඇයි බදුල්ලෙන් පැනලා ගියේ. අද තීන්දු රිවස් කරනවා කියලා විපක්‍ෂය කියනවා. එදා මුළු රටම රිවස් කළේ යහපාලන ආණ්ඩුව. ඒකපුද්ගල ආදායම ආර්ථික වර්ධනය ඇතුළු හැම ඒකකයක්ම 2015 පසු රිවස් ගියා. අපේ රටට යටින් හිටියේ ඇෆ්ගනිස්ථානය පමණයි. මුළු රටම විනාශ කළා.

විපක්‍ෂය වරාය නගරය ගැන වැරදි කතා රටපුරා පැතිරෙව්වා. සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න උත්සාහ කරන විට මෙය පර්යේෂණාගාරයක් කරන්න යනවා කියලා විපක්‍ෂ නායකවරයා කෑ ගැහුවා. 2016, 2017 කෘෂිකර්මාන්තය රිවස් කළා. සෘණ අගයක් ගත්තේ. අද විපක්‍ෂය කුහකව කි‍්‍රයා කරනවා. එන්නත් ගේන්න සල්ලි නැහැ කිව්වා. අපි එන්නත්කරණය අති සාර්ථකව කළා. එහෙත් විවිධ උද්ඝෝෂණ කරලා කඩාකප්පල් කරන්න හදනවා. අද අභියෝග රැුසක් තියෙනවා. අපේ ජනාධිපති අගමැති ආණ්ඩුව අභියෝගවලින් පැන නොගොස් සාර්ථකව මුහුණ දෙනවා.

රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හේෂා විතාන මහතා (සජබ)-

මේ ආණ්ඩුව ගේන්න කැපවූ සියලූදෙනා අද කොතැනද ඉන්නේ. අද ඒ කැපවූ අයට ඉදිරියේදී ගෙදර යන්න වෙනවා. අද ආණ්ඩුවෙ ඉන්න ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරු ලයිට් කණුවල ගැටගහන්න පටන් අරන්. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නැහැ. ඇමැතිවරුන්ට මුදල් වෙන් කර නැහැ. ඒත් ප‍්‍රාදේශීය සභා කොට්ඨාසවලට මුදල් වෙන් කරගෙන.

රාජ්‍ය සේවය 65න් විශ‍්‍රාම යාම හොඳ වුණත්් රැුකියා පෝලිමට එන තරුණ කණ්ඩායම් ගැන හිතුවාද? පරිපාලන සේවයේ ඉන්න අයට ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවේ මූල්‍ය අර්බුදයට විසඳුමක් හදලා මුදල් ඇමැති ගියා.

පත්කළ මන්තී‍්‍ර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා (ශී‍්‍රලපොපෙ)-

විපක්‍ෂය අයවැය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් හෝ සොයා බැලීමක් කර අදහස් දැක්වූයේ නැහැ. හිටපු අගමැතිවරයා මූල්‍ය අර්බුදවලට යන්න කියලා කියනවා. ඔවුන්ට යන්න බැරි වුණානේ ඇයි ඒ. ඔහු කියන්නේ නැහැ.

රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතා –

එදා ගෙවල් හැදුවාම රට පුරා ප‍්‍රචාරය විතරයි තිබුණේ. හම්බන්තොට ගෙවල් හැදුවාම යාපනයෙත් පෝස්ටර් ගැහුවා. අපේ ආණ්ඩුව එහෙම නැහැ. ගෙවල් 28000ක් හැදුවා කිසිම ප‍්‍රචාරයක් නැහැ. අපේ ආණ්ඩුව කාලේ ගුරුවරු ගැන බැලූවේ නෑලූ. ඒත් එදා ගුරුවරුන්ට එළවා එළවා ගැහුවා. උපාධිධාරීන්ට ගැහුවා. ඒත් අපේ ආණ්ඩුව අවුරුදු 24ක් පැරණි වැටුප් විෂමතා විසඳුවා. අපි වැව් හදනවා වැව් ගොඩකරන්නේ නෑ.

ගමට මුදල් යන එකට අද විපක්ෂය බය වෙලා. රැුකියා ලක්ෂයක්වත් බිහි වෙනවා. මේ තුළින් බිලියන 5ක් පමණ අපනයන කලාපවලට වෙන් කරලා. විශාල වැඩපිළිවෙළක් ආණ්ඩුවට තියෙනවා.

බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා (සජබ) –

මේ රටේ වියතුන්ට තිබූ ගෞරවය විනාශ කරපු ආණ්ඩුවක් මෙය. සමහර හොඳ වියතුන් ආණ්ඩුවෙන් ගියා. රාජපක්ෂ කඳවුරට අවශ්‍ය අහිංසක මිනිහට සලකන්න නොවෙයි. වසර 05 සම්පූර්ණ කරන නවක මන්තී‍්‍රන්ට විශ‍්‍රාම වැටප නෑ. ඒත් මුදල් ඇමැතිට මේ වසර පහෙන් පසුව වසර දහය සම්පූර්ණ වීමෙන් විශ‍්‍රාම වැටුප ලැබෙනවා.

ඉන්ඩ හිතෙන රටක් කරනවා කියලා ආපු අය දැන් රටින් යන්න හදනවා. මේ අයවැය උකස් අයවැයක්. මේ රටේ අනාගතයට උරුම ඉඩම් විකුණලා බැසිල් ඇමැති ඇමරිකාවට යයි. අපට රටක් නැති වෙනවා.

ආණ්ඩුව කිව්වෙ එකත් කරන්නේ තව එකක්. අපේ ආණ්ඩුවක් යටතේ විශ්වාසනීය පාලනයක් ඇති කරනවා.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා –

අමාත්‍යාංශවල කටයුතුවලට අමතරව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හරහා සුබසාධනයට අවශ්‍ය මුදල් වෙන්කර තිබෙනවා.

අපි අපනයනයට අවශ්‍ය සියලූ සහාය දුන්නා. අපනයන යෙදවුම් ආනයනයට ඉඩ දුන්නා. ආර්ථිකය ඉදිරියට ගෙන යන්න විපක්ෂයෙන් කිසිම විකල්ප යෝජනාවක් නැහැ. එදා යහපාලන ආණ්ඩුව කාලයේ කොන්ත‍්‍රාත්කරුවන්ට නොපියවූ රුපියල් බිලියන 400කට වැඩිය අපටයි ගෙවන්න සිදු වුණේ. එතරම්ම කඩා වැටිච්ච ආණ්ඩුවක් අපට භාර ගන්න සිදු වුණේ.

කොවිඞ්වලින් ආණ්ඩුව පෙරළන්න පුළුවන් ද බැලූවා. අපේ ආණ්ඩුව එන්නත්කරණය සාර්ථකව සිදු කර රෝගීන් හා මරණ අඩු කළා. විපක්ෂයේ අවශ්‍යතාවය යළි කොරා්නා වැඩි කිරීමයි. මාරාන්තික වසංගතය තුළින් 2020 දී අපි ආර්ථික වර්ධනය සියයට 1.3ක් ගත්තා. මේ වසරේ එය ක‍්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා.

මුළු ලෝකයේම සියයට 40කින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්. ඒ තුළින් අපි සියයට 5කට උද්ධමනය රඳවාගෙන තිබෙනවා. අයවැය කාලය පුරාවටම විපක්ෂය පාර්ලිමේන්තුව පාවිච්චි කළේ රාජපක්ෂවරුන්ට මඩ ගහන්න විතරයි.

ජවිපෙට ජනතාව නොමඟ යැවීමේ සහජ හැකියාවක් තිබෙනවා. අයවැයෙන් සියයට 64ක් රාජපක්ෂවරුන්ට කියා. සියයට 29.08 යි ඔය කියන ප‍්‍රමාණය පවතින්නේ. තරුණ තරුණියන් ලක්ෂයකට රැුකියා දීමේ මුදලක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතිනවා. අධ්‍යාපනයට පළාත් සභා ද ඇතුළුව සියයට 13ක් වෙන් වී තිබෙනවා. කරුණු දැන දැනම හෝ විපක්ෂය මේ ගැන බොරු කියනවා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා –

අපේ ආණ්ඩුව පැමිණ මාස 24ක් වෙනවා. ඉන් මාස 20ක්ම කොවිඞ් වසංගතයත් සමග ඉන්න සිදුවුණා. දැන් තමයි එන්නත් ලබාදී රට අවදි වෙමින් යන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමැති ඇතුළු සියලූ දෙනා ජනපතිගේ එකමතයක් සමග ඉන්නවා. විපක්ෂයේ අයට එක මතයක් නැහැ. නැනෝ නයිට‍්‍රජන් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ මිල ගණන් කැඳවා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. පසුව ආනයනය කළා. අපි එවිටයි දැන ගත්තේ එහි මිල ගණන් වෙනස් කියලා. පසුව ආනයනකරුවා ගෙන්වා සාකච්ඡුා කිරීමෙන් පසුව යම් මිල අඩුවක් කිරීමට ඔහු එකඟ වුණා.

වැරදි තියෙනවා නම් කෝප් එකට ගෙන්වන්න පුළුවන්. තොරතුරු

දැනගැනීමේ පනත යටතේත් තොරතුරු ගන්න පුළුවන්. ඕන විවාදයකට අපි එනවා. සොරකමට අපි ඉඩ තබන්නේ නැහැ. චීන පොහොර නැවත රැුගෙන ගොස් නිවැරදි පොහොර රැුගෙන එන ලෙස අපි දැනුම්දී තිබෙනවා. අපිට අවශ්‍ය ප‍්‍රමිතිය නැති නිසා උසාවියෙන් වැළැක්වූවා.

අද වනවිට එළවළු මිල වැඩි වෙලා තියෙනවා. පසුගිය මාස 3ම අධික වර්ෂාවක් ලැබුණා. සාමාන්‍ය මිල ඉහළ යනවාට වඩා වගා හානි නිසා මිල වැඩි වෙනවා. ලොව වෙනත් රටවලත් මිල ඉහළ යනවා. විදෙස් මාධ්‍ය බලන අය දන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභියෝග තියෙනවා. මම ඊට මුහුණ දෙනවා.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ පසුව එදා ආණ්ඩුව පාර්ලිමේන්තුවේ පිස්සු නැටුවා. ගෝඨාභය ජනපති ආවාට පසුව තමයි එයට සාධාරණය ලැබුණේ.

ගිය ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කිසිම අයිතියක් නැතිව තමන්ගේ බිරිඳට අක්කර සීයක් ලියලා දීලා. අතීතයෙ කිසිම හිමිකමක් තිබිලා නැහැ.

රසායනික පොහොරවල ලැබ් රිපෝට් වෙනස් කර පසුගිය ආණ්ඩුව වසර පහක් පොහොර ගෙනල්ලා. අපි එහෙම කරන්නේ නැහැ.

අද ගොවියා අක්කර ලක්ෂ හයහමාරක් වගා කර අවසන්. තව එකහමාරක් ඉදිරියේදී වගා කරනවා. ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ.

ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා (සජබ) –

ලබන මාර්තු වනවිට අද පවතින තත්ත්වයත් එක්ක ආහාර හිඟයක් එනවා ස්ථිරයි. පාස්කු ප‍්‍රහාරය ගැන අපි හෙළි කරපු කරුණු කිසිවක් ගැන තවම කතා කරන්නේ නැහැ.

2015ට පෙර කළ හොර වංචා ගැන මෛති‍්‍රපාල ජනාධිපති එක්ක ඞීල් දාලා යටගහ ගත්තා. ඒත් අපි ඉදිරියේදී සියල්ල හොයනවා. මේ ආණ්ඩුව ජී. ආර්. ආණ්ඩුව කියනවා. ඒ ගැසට් රිවස් ආණ්ඩුවයි. මුදල් ඇමැතිවරයා රට වළට ගෙන යනවා. මීට කිසිම විසඳුමක් මේ අයවැයේ නැහැ. උද්දච්ච ආර්ථික කළමනාකරණය හමුවේ සංචිත ප‍්‍රමාණය ඝෟණ අගයක් ගන්න තැනට පත් වෙලා. මීට පෙර 77 දී මෙවැන්නක් වුණේ.

රසායනික පොහොර ගෙන්වන්න ගැසට් එක ගහලා අවසන්. පැනි නාගඩම වගේම තමයි රසායනික නාඩගමත්. කවුරු කවුරුත් හම්බ කර ගන්නවා. ශාක පෝෂක නොවෙයි සාටක පෝෂක තමයි කියන්න වෙන්නේ.

ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා –

මේ අයවැය ඉතා අසීරු අවස්ථාවක ඉදිරිපත් වුණේ. ඒත් සහන රැුසක් දීලා තියෙනවා. ඒ වගේම උපාධිධාරීන් 57000කට රැුකියා දුන්නා. ඒවා ස්ථිර කරන්න මුදල් වෙන් කරලා. අමාරු කාලයේදීත් කතාවට සීමා නොවී අහිංසක ගම්වල මිනිසුන්ට මුදල් වෙන් කළා.

හොරකම ඉහවහ ගිය රටක් ආර්ථිකය විනාශ වූ රටක් අපට 2019 භාර ගන්න වුණේ. අයවැයෙන් රාජපක්ෂවරුන්ට සියයට 68ක් වෙන් කරලා කියලා ජවිපෙ බොරු කිව්වා. සම්පූර්ණ බොරු. සියයට 29 යි ඉන් සියයට 15ක් ජනාධිපති වැය ශිර්ෂයට.

කොවිඞ් නොතිබුණා නම් පළාත් පාලන මැතිවරණය තියලා ඉවරයි. අපි මැතිවරණ තියන්න පුළුවන් හැකි තරම් ඉක්මනින් පවත්වනවා.

ජනපති සරල වුණාමත් සමහර අයට ප‍්‍රශ්නයක්.

වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා –

ආණ්ඩුවට මඩ ගහන ගාල්ල පැත්තේ කොලූ පොඞ්ඩා ඒ පැත්තට යන්නත් මේ පැත්තට යන්නත් මුදල් ගත්තා. මට සල්ලි ගෙනගිය බෑග් එකත් කියන්න පුළුවන්.

යහපාලන ආණ්ඩුව යටතේ මුදල් ඇමැතිවරු දෙන්නෙක් හිටියා. මංගල සමරවීර ඡුන්දෙට ආවෙ නැහැ. රවී කරුණානායක ප‍්‍රතික්ෂේප කළා. හොඳට කරපු නිසා තමයි ජනතාව පැරැුද්දුවේ.

විදේශ ආයෝජන ගේන්නෙ නැහැ කියලා විපක්ෂය කියනවා. රටට ආයෝජන ආවාම ඊට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. මේ රජය ගෙවල් 71000ක් හැදුවා. එක පෝස්ටරයක්වත් ගහලා නැහැ. සමරු ගල් නැහැ. එදා නිවාස ඇමැති ගෙවල් 10ක් හදලා කෝටි ගණන්් ප‍්‍රචාරයට වියදම් කළා.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා (සජබ) –

කෘෂිකර්මාන්තය ගැන විවිධ ප‍්‍රකාශ සිදු වෙනවා. එක කතාවක් නැහැ. චීන අසූචි නැවකට රුපියල් බිලියන 1ක් ගෙවන්න වෙලා. නැනෝ පොහොර අද හෝදගෙන යනවා. පොහොර ගනුදෙනුවට කවුද සම්බන්ධ? අමැතිවරු නැත්නම් කවුද හදිසි හස්තය. අද මහ කන්නය ඉවරයි. අධික මිලට එළවළු ගන්න වෙලා. වැස්ස නිසා විතරක් නොවෙයි මිල වැඩි වෙන්නේ පොහොර නැති වනවිට දිලීර නාශක නැති වනවිට හිඟ වෙනවා.

වයස සීමාව වැඩි කිරීම නිසා තරුණයන්ට රැුකියා කප්පාදුවක් ඇති වෙලා. සුදුලූනු, සහල්, සීනිවලින් හම්බ කරන්න දීලා සුළු ව්‍යාපාරිකයාගෙන් බදු ගහනවා. කර්මාන්ත කඩා වැටෙන ප‍්‍රතිපත්තියක ආණ්ඩුව ඉන්නේ. සේවා ආර්ථිකයට ශක්තියක් දෙන කිසිවක් නැහැ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා –

අයවැය ලේඛනය සමග ප‍්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කළා. එහිදී තවදුරටත් සාකච්ඡුා කරලා කි‍්‍රයාත්මක කරනවා. ඊට පක්ෂ විපක්ෂ කරුණු ඇමැති මණ්ඩලයත් සලකා බලා අවසන් තීරණයක් ගන්නවා.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැළපීම සඳහා නව වැටුප් ව්‍යුහයක් ඇති කරන්න යෝජනා කළා. වැටුප් කොමිසමට ඇමැතිවරු ඉදිරිපත් කළ යෝජනාවලිය මත කටයුතු කරනවා.

සෞඛ්‍ය සේවයේ වැටුප් සංශෝධන ඇතුළත් කරනවා. විදේශ විනිමය ගැටලූවට අපේ යෝජනාවලට හැර විපක්ෂයේ යෝජනා තිබුණේ නැහැ. අනවශ්‍ය නීති සරල කර සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීමට විශේෂ කාර්ය බළකායක් පත් කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.

වර්ෂාවෙන් එළවළු සැපයුම බාධා වීම නිසා මිල ඉහළ ගිහින්. වර්ෂාව නිමවූ පසු වගා සංග‍්‍රාමයක් ඇති කර ඉදිරි මාස තුන ඇතුළත එළවළු, පලතුරු, මස්, මාළු ඇතුළු දේ වෙළඳපොළේ සුලබ කිරීමට බලාපොරොත්තු වෙනවා.

බැඳුම්කර මුදල්් සියල්ල ලබාගන්න මම පසුබට වන්නේ නැහැ.

අයවැය වැඩි ඡුන්ද අනූතුනකින් සම්මත විය.

පාර්ලිමේන්තුව අද (23 දා) පෙරවරු 9.30ට යළි රැස් වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment