වැස්ස දිස්ත්‍රික්ක 11කට බලපායි

174

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.ඒ අනුව පවුල් 512ක පුද්ගලයින් 21,888 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.සුරක්ෂිත මධ්‍යස්ථාන 04ක පවුල් 64ක පුද්ගලයින් 264ක් රැදී සිටිති.වැඩිම හානි සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කටය.එහි පවුල් 4604ක පුද්ගලයින් 19,585ක් පීඩාවට පත්ව සිටිති.නිවාස12ක් අර්ධ වශයෙන් ද නිවාස 02ක් පූර්ණ වශයෙන් ද හානියට පත්ව ඇත.දිස්ත්‍රික්ක 11හි අර්ධ වශයෙන් හානියට පත් නිවාස ගණන 117කි.පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment