වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත්…

234

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (27 දා* විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.

 එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ වැසි ස්වල්පයක් ඇතිවෙයි.

 ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් සවස 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බෑවුම් ප‍්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත් වලත්, ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේත් සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර

 ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 මේ අතර ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද (28 වැනිදා* සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතියි. අද දින දහවල් 12.11ට යාපනය සංගුපිඞ්ඩි සහ පලාලි ප‍්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment