වැසි වැඩිවන ලකුණු

167

දිවයිනට ගිනිකොණ දෙසින් පැහිටි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (10* දින වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනගිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් ද හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර
රත්නපුරල කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි සහ පොළොන්නරුවල මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment