වැසීයෑමේ අවදානමක තිබුණු මුදුන්කඩවල ප්‍රාථමිකයට නව ප්‍රාණයක් දුන් ගුරුවරයාට නැවතත් ප්‍රශංසා

88

මෙවර පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ තුන් වැනි ස්ථානයට පත්වූ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවාට මග පෙන්වුයේ එස්ගතුෂාර ප්‍රියදර්ශන ගුරු මහතාය,

පසුගිය 2020 වසරේ පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ම ලබා දිවයිනේ මුල්තැන ගත් දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විදුහලේ සිසුවාට මග පෙන්වූ ගුරුභවතාද ඔහු විය.

පොලොන්නරුවල පළුගස්දමන ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා රුහුණු විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව උපාධිය ලබාගෙන 2009 වර්සයේදී ඔහු ගුරු වෘත්තියට පිවිස ඇතග දිඹුලාගල අධ්‍යාපන කලාපයේ එවකට වැසීයෑමේ අවදානමක තිබුණු මුදුන්කඩවල ප්‍රාථමික විදුහලට ගුරුවරයකු වශයෙන් ඔහුට පළමු පත්වීම ලැබුණි.

අනතුරුව 2011 වසරේ එම පාසලෙන් සිසුවකු ශිෂ්‍යත්වය සමත් කරවීමට ඔහුට හැකිවියග එය එම පාසල වසර දහයකට පසු ලබා ගත් ශිෂ්‍යත්ව ප්‍රතිඵලය විය.

අනතුරුව වසර ගනනාවක් එම පාසලේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙන්වූ ඔහු දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විදුහලට ස්ථාන මාරුවී ගියේයග අනතුරුව 2021 වසරේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික පාසලට ස්ථාන මාරුවී පැමිණි ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගෙන දිවයිනේ තුන්වන ස්ථානයට පත් වූ දරුවාට මග පෙන්වූ ගුරුභවතා බවට පත් වී සිටියි,
දිඹුලාගල – ප්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment