වැහිබර කළුවර පැතිරේ – මහවැසි මැද විපත් – මරණ 2ක් මාර්ග රැසකට හානි

292

එරාවුර් ගොවිපළකට අකුණු වැදී එළුවෝ, කුකුළෝ තාරාවෝ මරුට
අකුරණ නගරය හා මහනුවර දුම්රිය නැවතුම්පළ ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවේ….
ජලාශවල ජල මට්ටම ඉහළට වාන් දොරටු අරී

වැහිබර කළුවර පැතිරේ - මහවැසි මැද විපත් - මරණ 2ක් මාර්ග රැසකට හානි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු තීරයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර දෙසින් දිවයිනට ඇතුළුවීමත් සමඟ වැහිබර අඳුර රටම වෙළාගනිමින් මහවැසි සමඟ විපත්ද වාර්තා විය.

ඇතැම් ප්‍රදේශවල නායයෑම්, පස්කඳු කඩාවැටීම්, මාර්ග රැසක් ජලයෙන් යටවීම් සිදුවූ අතර තවත් ප්‍රදේශවල මහාමාර්ග කැඩීබිඳී යමින් මරණ ඇතුළු විපත්ද සිදුවිය.

වැහිබර කළුවර පැතිරේ - මහවැසි මැද විපත් - මරණ 2ක් මාර්ග රැසකට හානි

මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර අකුරණ ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති අතර නිවසේ සිටි තවත් තිදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඊයේ (25දා) පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

මරණයට පත්ව ඇත්තේ අයේෂා නිශාදි විතාරණ (18) සහ සිතුම් සාරංග විතාරණ (16) නමැති දියණිය සහ පුත්‍රයායි. එම පවුලේ මව, පියා සහ 12 හැවිරිදි තවත් දියණියක් තුවාල ලබා ඇත.

වැහිබර කළුවර පැතිරේ - මහවැසි මැද විපත් - මරණ 2ක් මාර්ග රැසකට හානි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑමේ අවධානමක් තිබූ මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේ පවුල් 55 කට අයත් පුද්ගලයන් 150 ක් එම ස්ථානයෙන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථානයකට යොමු කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහහාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක දේපළ හානිවීම් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වාර්තා කැඳවමින් සිටින බවත් ඒ මහතා කීය.

වැහිබර කළුවර පැතිරේ - මහවැසි මැද විපත් - මරණ 2ක් මාර්ග රැසකට හානි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් ඊයේ දිවියිනට ඇතුළුවීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවක් පැවැති අතර පරිසරය අඳුරු ස්වභාවයක්ද ගෙන තිබිණි. මෙම තත්ත්වය අද (26දා) දහවල් පමණ වනවිට අඩුවන බව කාලගුණ විiා දෙපාර්තමේතුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥා මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවැසීය.

පීඩන අවපාතයේ බලපෑම් හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් පොළොන්නරු දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි ලීටර් 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වලට මිලිලීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විiා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණි.

වැහිබර කළුවර පැතිරේ - මහවැසි මැද විපත් - මරණ 2ක් මාර්ග රැසකට හානි

එසේම ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.

අධික වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇතිවිය හැකි අවදානම පිළිබඳව සැලකිල්ල දැක්විය යුතු බවත්, කිසියම් ස්ථානයක නායයෑම් පූර්ව ලක්‍ෂණ නිරීක්‍ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම ජල ගැලීම් සිදුවන ගංගා නිම්න ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගෙන ජීවිත සහ දේපළ සුරක්‍ෂිත කරගැනීම සඳහා කටයුතු කරන ලෙසද ඉල්ලා සිටී.

වැහිබර කළුවර පැතිරේ - මහවැසි මැද විපත් - මරණ 2ක් මාර්ග රැසකට හානි

අකුණු අනතුරු වළක්වා ගැනීම, අවදානම් ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් කඳුකර ප්‍රදේශවල මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන්නන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් පවතින කාලගුණ හෝ ආපදාවක් නිසා ඇතිවන පීඩාකාරී තත්ත්වය පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා තිබුණි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයද මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීම් කර තිබුණි.

මහනුවර සහ මහයියාව දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය ඊයේ (25දා) දහවල් අවහිර වී තිබුණි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ලේ සිට ඊයේ පෙරවරු 11.15 ට කොළඹ කොටුව සහ දහවල් 12.40 ට නානුඔය දක්වා ධාවනය වීමට තිබූ දුම්රියන්ද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි. අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයද ජලයෙන් යටවී තිබූ බවට වාර්තා විය. අකුරණ නගරයද ජලයෙන් යටවීම නිසා වාහන ධාවනයට බාධා පැමිණ තිබුණි. මෙම තත්ත්වය බොහෝ ප්‍රදේශවලින්ද වාර්තා විය.

වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) ඩී. අබේසිරිවර්ධන මහතා කියා සිටියේ අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක ජල මට්ටම ඉහළගොස් ඇති බවත් වගා කටයුතු සඳහා ජලය මුදාහැර ඇති නිසා එම ගංඟා හා ඇළදොළවල් භාවිතා කිරීමෙන් මහජනතාව විමසිලිමත් වන ලෙසය.

මහනුවර, මාතලේ, බදුල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල අධික වර්ෂාව නිසා ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද අබේසිරිවර්ධන මහතා කීය. අනුරාධපුර යාන්ඔය ජලාශයේ සුළු ගංවතුර තත්ත්වයක්ද, රාජාංගනය ජලාශයේ වාන් දොරටු රැසක්ද, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 04 ක්ද ඊයේ (25) දහවල් වනවිට විවෘත කර තිබූ බවද ඒ මහතා පැවැසීය. කුරුණෑගල දැදුරු ඔය ප්‍රදේශයට මිලිමීටර් 150 ක් පමණ වර්ෂාපතනය ලැබීම නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර තිබුණි. මේ හේතුවෙන් පුත්තලම, හලාවත සහ දැදුරුඔය සම්බන්ධ වන පහත්බිම් වල යම් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද අබේසිරිවර්ධන මහතා කීය.

අයහපත් කාලගුණය සමඟ ඊයේ අලුයම 2.30 ට පමණ එල්ල වූ අකුණු සැර වැදීමකින් එරාවුර් රහමානියා ප්‍රදේශයේ නිවසක තිබූ සත්ව ගොවිපළක ගින්නක් ඇතිවී එහි සිටි එළුවන් 09 ක්, කිකිළියන් 08ක්, තාරාවෝ 03 ක්, කුකුළෝ 04 ක් පිළිස්සී මියගොස් තිබිණි.
චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, සිරිල් විමලසුරේන්ද්‍ර, කරුණාරත්න ගමගේ, ජානක සම්පත් බණ්ඩාර, ගුන්නෑපාන, ජවුෆර් කාන් – මඩකලපුව, කරුණාරත්න ගමගේ සහ ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment