වැ. බ. සාමාන්‍යාධිකාරිට එරෙහිව ලංවිම ඉංජිනේරුවෝ අද ලෙඩ වෙති

149

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරි ධුරයට ලංවිම විශ‍්‍රාමික අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු පත්කිරීමට විරෝධය දක්වමින් ලංවිම ඉංජිනේරු සංගමය අද (18 දා) අසනීප නිවාඩු වාර්තා කර ලංවිම ප‍්‍රධාන කාර්යාලයට පැමිණ විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

ලංවිම සභාපතිවරයා අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීරණයට පිටින් ඔහුගේ හිතු මනාපයට නව වැඩ බලන සාමාන්‍යාධිකාරි ලෙස ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පත් කිරීමට විරුද්ධව අද ලංවිම ප‍්‍රධාන කාර්යාලයට පැමිණ සභාපතිවරයා හමුවේ විරෝධය පළ කරන බවත්, ඔහු ඉවත් නොකරන්නේ නම් ඉදිරි වෘත්තීය කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බවත් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

මහත් ආන්දෝලනයට පත්ව තිබෙන යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අත්සන් කළ නිව් ෆෝට‍්‍රස් ගිවිසුමේ විදුලිබල අමාත්‍යාංශය වෙනුවෙන් සාක්‍ෂිකරු ලෙස අත්සන් කර ඇත්තේ නව වැඩබලන සභාපති ලෙස පත් කළ ආචාර්ය සුසන්ත පෙරේරා මහතා බවද කුමාරවඩු මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment