වෑකඳවල මහ පාරේදී ‘සනී’ කපා කොටා මරලා

936

* ඝාතනයට ලක්වූ අයට රන්මාල කැඞීම ඇතුළු අපරාධ චෝදනා

වීරකැටිය, පොලිස් බල ප‍්‍රදේශයට අයත්, වෑකඳවල ප‍්‍රදේශයේදී, වයස අවුරුදු 39ක් වන විවාහක පුද්ගලයකු පසුගිය 20 වන දින උදේ කාලයේ, කිසියම් පුද්ගලයකු විසින් කපා කොටා ඝාතනය කර, පලාගොස් තිබෙන බව වීරකැටිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, වීරකැටිය වෑකඳවල, අංක 360 ඒ දරණ ස්ථානයේ පදිංචිව සිටි, කලූආරච්චිගේ සමන් දේශප‍්‍රිය හෙවත් සනී නමැති පුද්ගලයෙකි.

වීරකැටිය, වෑකඳවල, කැකුණයාය වැලමිට වංගුවේදී මෙම ඝාතනය සිදුකර තිබෙන බවට, වීරකැටිය පොලිසියට ඉකුත් 20 වැනිදා උදේ 06.05ට පමණ ලැබී ඇති දුරකථන ඇමතුමකට අනුව, වහා කි‍්‍රයාත්මක වූ පොලිසිය ඝාතනය සිදුවූ ස්ථානයට ගොස් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙලෙස මහමග මරාදමා ඇති මොහු මහමග යන කාන්තාවන්ගේ, ගෙල බැඳි මාල කැඞීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වී සිටි අයකු බව පොලිසිය කියයි. මීට පෙර මොහු වීරකැටිය පොලිසිය මගින් අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතව සිට මුදාහැර පැමිණ සිටි අයකු වන බවද, වාර්තාවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

හම්බන්තොට – නන්ද වික‍්‍රමගේ

advertistmentadvertistment
advertistmentadvertistment