වෑන් රථයක් රුහුණු කුමාරි හා ගැටේ

379

අම්බලන්ගොඩ, කන්දෙගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියෙහි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ වෑන් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment