වෑන් රථය ප‍්‍රපාතයට පෙරළී 10ක් රෝහලේ

319

හිරු ස්ටාර් තර`ගාවලියට සහභාගි වී ආපසු යමින් සිටි පිරිසක් ගමන් කළ වෑන් රථයක් බළන්ගොඩ සීලගම ප‍්‍රදේශයේ දී ප‍්‍රපාතයකට පෙරලීමෙන් ඊයේ (17දා) අළුයම සිදු වූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුලත කර ඇති බව පොලිසිය පවසයි. කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ සමනල වැව පොලිස් බල ප‍්‍රදේශයට අයත් සීලගම ප‍්‍රදේශයේ දී මෙම වෑන් රථය අඩි පනහකට ආසන්න ප‍්‍රපාතයකට පෙරලීමෙන් එම අනතුර සිදු වී ඇත. තුවාල ලැබූ තරුණියක සහ තරුණයන් නව දෙනෙකු බළන්ගොඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව බළන්ගොඩ පොලිසිය පවසයි. මොවුන් හිරු ස්ටාර් තර`ගයට සහභාගි වී බණ්ඩාරවෙල ප‍්‍රදේශය බලා ගමන් කරමින් සිටින අතරතුර මෙසේ අනතුරට පත් වී ඇත.

තුවාල ලැබූ අය සම්බන්ධයෙන් බළන්ගොඩ මූලික රෝහල් පොලිසියේ උප පොලිස් පරීක්ෂක මහින්ද මහතා පරීක්ෂණය සිදු කරන අතර අනතුර සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ගමගේ අන්තනායක (60506), ලියනගේ (22885) යන නිලධාරින් පරීක්ෂණය සිදු කරයි.

බළන්ගොඩ – එන්.එච්. පියසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment