වෑන් රථය ලොරියේ මුහුණට මුහුණ ගැටී රියැදුරෙක් මරුට

224

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ තෙලූල්ල තෙල් පිරවුම්හල අසල දී වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ රියැදුරු මියගොස් ඇතැයි කුඩාඔය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව – මඩුගම පදිංචි ආර්. එම්. සමන් කුමාර රත්නායක (27) නමැති අවිවාහක තරුණයෙකි.

හෙතෙම ඔහුට අයත් අංක 2511443 දරණ වෑන් රථයෙන් තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට එමින් සිටිය දී වෑන් රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ රියැදුරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. ලොරි රථයේ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩාඔය පොලිස් ස්ථානාධිපති (වැඩබලන) ඩබ්ලිව්. එම්. ධනපාල මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment