වෑන් රියේ ගැටී අසාධ්‍යව සිටි අය රෝහල් ගත කරන මුවාවෙන් රැගෙන ගොස් කැලෑවක දමා ගිහින්

254

* ආණමඩුව හා පුත්තලම පොලිසි එක්ව පැය හයක මෙහෙයුමකින් පසු තුවාලකරු සොයාගනී

ආණමඩුව කොට්ටුකච්චිය ප‍්‍රදේශයේදී 19 දින රාත‍්‍රියේ වෑන් රථයක ගැටී අනතුරට ලක්වූ පුද්ගලයෙක් අනතුර සිදුකළ වෑන් රථයේම රෝහල් ගත කරන මුවාවෙන් රැගෙන ගොස් අසාධ්‍ය තුවාලකරු කැලයක දමා පළා යාමෙන් පසු තුවාලකරු හා සැකකරුවන් සමග වෑන් රථයද සොයාගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වාරිමාර්ග හන්දිය ආසන්නයේ පදිංචි 53 හැවිරිදි තුන් දරු පියකු වූ සරත් බණ්ඩාර අතපත්තු නමැති යූද හමුදා විශ‍්‍රාමිකයකු වේ.

අදාළ තැනැත්තා පා ගමනින් කුඹුරට ගොස් 19 දින සවස ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටී ඇත.

අනතුරත් සමග ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට එක්වීමෙන් පසු කලබලයට පත්වූ අනතුර සිදුකළ වෑන් රථයේ පිරිස තුවාලකරු පුත්තලම මූලික රෝහලට කඩිනමින් භාරදෙන බව පවසා එම වෑන් රථයේම දමා ගෙන ගොස් තිබේ.

නමුත් පවුලේ ඥාතීන් පුත්තලම රෝහලට ඒ සමගම පැමිණ සොයා බලන විට තුවාලකරු රෝහලට භාර දී නොතිබිණි. පසුව ආණමඩුව රෝහලෙන් විමසීමක් කළද ඒ සම්බන්ධව තොරතුරක් ලැබී නොමැත.

පොලිසිය ද අනතුරින් බරපතළ ලෙස අසාධ්‍යව සිටි තැනැත්තා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සොයා ගැනිමට නොහැකි විය.

මේ අතරතුර අනතුර සිදුවූ ස්ථානයේ සිටි කාන්තාවක් වෑන් රථයේ ඡුායාරූපයක් තම ජංගම දුරකථනයට ලබාගෙන තිබී ඇති අතර එය පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

වහාම ක‍්‍රියාත්මක වූ ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන දෙක අදාළ අනතුරට සම්බන්ධ වාහනය පිළිබ`දව තොරතුරු මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා තොරතුරු සනාථ කරගෙන සිදුකළ විමර්ශණ වලදී එම වෑන් රථය පුත්තලම නගරයේ පදිංචි අයෙකු සතු බව අනාවරණය විය. ඉන් පසුව සිදු කළ විමර්ශන වලදී අනතුර සිදුකළ වෑන් රථය ඔහුගේ නිවසේ ස`ගවා තිබියදී සොයා ගැනීමට හැකි විය.

නමුත් අදාළ වාහන හිමිකරු පවසා ඇත්තේ තමන් මෙම වාහනය කුලී පදනමට පුත්තලමේ අයකුට ලබා දුන් බවත් එම පුද්ගලයා අනතුරක් සිදුවූ බවට දන්වා වාහනය පසු දින අලූ‍ත්වැඩියා කරදීමේ පොරොන්දුව මත තමාට ගෙනත් දුන් බවයි.

පසුව ලබාගත් තොරතුරු මත පොලිස් කණ්ඩායම් කඩිනමින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තුවාලකරු දමා ආ ස්ථානයට යාමට කටයුතු කර ඇත.

පොලිස් නිලධාරින් අදාළ ස්ථානයට යන විට තුවාල කරු දැඩි ලෙස අසාධ්‍යව එම ස්ථානයේම අසරණව පැය හයකට ආසන්න කාලයක් සිටි බව පොලිස් නිලධාරින් පවසයි.

කඩිනමින් අදාළ තුවාලකරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබූ අතර පුත්තලම රෝහලින් මූලික ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අසාධ්‍යව සිටි තුවාලකරු කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබුණි.

අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු වෑන් රථයේ හිමිකරු සමග මුස්ලිම් ජාතික සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් පරීක්ෂණවලින් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සම්බන්ධව පුත්තලම මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස හා ආණමඩුව පොලිස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ආණමඩුව පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් කුමාර රථවාහන අංශ ස්ථානාධිපති සමන් කුමාර පොලිස් සැරයන් 44849 ජයන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 33620 සුගත්, 87747ෂෙල්ටන්, 82129 ප‍්‍රසන්න හා පුත්තලම මුලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරුන් වන 36196 ජයන්ත, 52311 පිරීස් යන නිලධාරිහු එක්ව සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment