වෑ ඔය පාලමේ ජීවිතය හා මරණය අතර සටනේ… – පාලකයනි බලව් ඇස් ඇර

252

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පැලම්පිටියේ සිට ඉහළ පැලම්පිටිය යා කරමින් වෑ ඔය හරහා දමා ඇති දණගහඔළුව පාලම අබලන් වීමෙන් ගම්වාසීන් මහත් අපහසුතාවයකට පත්ව ඇත.

වසර සියයකටත් වඩා පැරැණි මෙම පාලම පවුල් 20 කටත් වඩා පිරිසක් පාලම පාවිච්චි කරති.

මෙයට වසර 4 කට පමණ ඉහතදී ගසක් කඩා වැටීමෙන් පාලම විනාශවී ගොස් ඇත. වැසි දිනවලට ඔය දෙගොඩතලා යන බැවින් පාසල් දරුවන්ට යෑමට අපහසුය.

ගම්වාසීන් විසින් අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිම පිළිසරණක් ලැබුණේ නැති බව ගම්වාසීහු පැවසූහ.

කෑගල්ල – එම්. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment