විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩ නගනවා- රෝහණ ලක්ෂ්මන්

317

පුළුල් වාමවාදී පෙරමුණක් බිහි කරන බව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාදාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටී.
ඒ සඳහා සියළු දේශමාමක, ප‍්‍රගතිශීලි පාර්ශව සමග සාකච්ඡුා කරන බව හෙතෙම මහනුවරදී මාධය වෙත පැවසීය.

විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමදල ඒ් සඳහා සංවිධාන කටයුතු කරන්නේ කොහොමද කියලා අපි මේ වන විට සාකච්ඡුා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් රජයන් බිහි කිරීමට පදනම් වු සන්ධාන තිබුණා. අපි නැවතත් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදී දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂත් එකතුකරගෙන එම සන්ධානය ගොඩනැගීම සඳහා වු තීරණයක් මධ්‍යම කාරක සභාවෙන් ගනු ලැබුවා. ඒ් අනුව ඉදිරියේ දී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. යැයි හෙතෙම එහිදී කීය.

advertistmentadvertistment
advertistmentadvertistment