විකල්ප කණ්ඩායමේ කී‍්‍රඩකයකුටත් කොරෝනා

127

 ඉන්දීය තරගාවලිය වෙනුවෙන් සූදානම් කරමින් තිබූ ශ‍්‍රී ලංකා විකල්ප සංචිතයේ ක‍්‍රීඩකයකු වන කඩුලූ රකින පිතිකරු සඳුන් වීරක්කොඩි හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එ් අනුව සඳුන් ඇතුළු තවත් ක‍්‍රීඩකයන් 15 දෙනකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිවේදනය කර සිටී.
 
 සඳුන් වීරක්කොඩි ඇතුළු කී‍්‍රඩකයන් ජෛව බුබුලක් යටතේ කොළඹ දී පුහුණුවීම්වල නිරත වෙමින් සිටි අතර පසුව සඳුන්, භානුක රාජපක්ෂ ඇතුළු ක‍්‍රීඩකයන් පිරිසක් පුහුණු තරග ක‍්‍රීඩා කිරීම සඳහා
 
 පසුගියදා දඹුල්ලට පිටත් කර යවා තිබේ. එ් අනුව මේ වන විට එම පුහුණු සංචිතයේ සිටි ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, අශාන් ප‍්‍රියන්ජන්, භානුක රාජපක්ෂ, චතුරංග ද සිල්වා, මහේල උඩවත්ත, රොෂේන් සිල්වා, මිලින්ද සිරිවර්ධන, ප‍්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු මදුසංක, ඩිල්ශාන් මුණවීර, මලින්ද පුෂ්පකුමාර, ලහිරු ගමගේ
 
 යන කී‍්‍රඩකයන්ට නිරෝධායනයට ලක්වීමට සිදුව ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා කර සිටී.
 
 කෙසේ වෙතත් තවත් ක‍්‍රීඩකයන් 24 දෙනකු දඹුල්ලේ පිහිටි හෝටලයක ජෛව ආරක්ෂිත බුබුලක රැුඳී සිටින අතර, ඔවුන්ට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නැති බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් කියා සිටී.

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment