වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැසීම ගැන වහා විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි

330

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ මහාචාර්ය අතුල සේනාරත්න

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැසීම සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වහාම විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ජල මට්ටම පහත බැසීමට නම් විදුලිය නිපදවීම සඳහා වැඩි ජල ධාරිතාවක් යෙදවීම හෝ කෘෂිකර්මාන්ත කටයුතු සඳහා වැඩි ජල ධාරිතාව මුදාහැරීම හෝ සිදු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් ඉදිරිපත් කිරීම වික්ටෝරියා ජලාශ ප‍්‍රධාන නිලධාරීන්ගේ කාර්යභාරය බවද හෙතෙම කීය.

මධ්‍ය කඳුකරයේ ජලාශවල ජල ධාරිතාවන් සම්බන්ධයෙන් දැඩි විමසිලිමත් තත්වයක් පැවතිය යුතු බව කී මහාචාර්ය සේනාරත්න මහතා ජලය වැඩිවීම හෝ අඩුවීමත් සෘජුව පරිසර පද්ධතීන්ට බලපාන බවත් යම් හෙයකින් ජල ධාරිතාව සීග‍්‍රයෙන් අඩු වූයේ නම් එම ජලයට සිදුවූයේ කුමක්ද යන්න කඩිනම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සීඝ‍්‍රයෙන් පහළ යෑමට හේතුව හදිසි නිහ`ඩ භූ කම්පන තත්ත්වයක්ද යන්න ප‍්‍රදේශවාසීන් විසින් ඊයේ දහවල් මහාචාර්යවරයා ගෙන් කළ විමසුමකදී හෙතෙම මේ බව පැවසීය.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment