වික්‍රම්ගේ ලෝක වාර්තාගත සිනමාපටය

301

වික්‍රම් භාත් මෙරට සිනමා ලෝලීන් අතර නමක් දිනා ගන්නේ “රාස්” සිනමාපටය මගින්. මතකයේ රැඳෙන ගීත ගණනාවක්ම එකතු කළ රාස් සිනමාපටයට පසු වික්‍රම් භාත් රාස් සිනමාපටය වැනි හොල්මන් කතා ශානරයේ සිනමාපට කිහිපයක්ම පසුගිය කාලයේ නිර්මාණය කළා. පසුගිය 15 වැනිදා සිට තිරගත කිරීම ඇරඹි වික්‍රම්ගේ එම කතා ශානරයම ගත් නවතම සිනමාපටය වන Judaa Hoke Bhi ලෝක වාර්තාවක් තබන සිනමාපටයක්. මෙහි විශේෂත්වය වන්නේ එය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ “ග්‍රීන් ස්ක්‍රීන්” පසුබිමෙහි වීම. ස්වාභාවික දර්ශන තලයක් නොමැතිව කොළ පැහැති පසුබිමෙහිදි රංගනයේ යෙදීම ඉතා අභියෝගාත්මක කටයුත්තක් වුණත් ඊට එක්වූ රංගන ශිල්පීන් Judaa Hoke Bhi වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ බව වික්‍රම් පවසා තිබෙනවා. තම පූත්‍රයාගේ අකල් වියොවින් පසු මානසික අවපීඩනයට පත්වෙන පියෙක්ගේ ජීවිතය වටා ගොඩනැගෙන්නක්. එහි කතාව ගලා යන්නේ ඔවුන්ගේ පවුල උත්තරාකණ්ඩි ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් පසු අත්විඳීමට සිදුවන බිහිසුණු අත්දැකීම් සමුදායකින්. ආක්සේ ඔබරෝයි එහි ප්‍රධාන චරිතයට පණ දෙමින් Judaa Hoke Bhi සිනමාපටයේදී එම කතාව සජීවී ලෙසින් අප හමුවට ගෙනෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment