වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අවට ආයුර්වේද කලාපයක් කෙරේ

89

යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයට අයත් අවට ප්‍රදේශය සියලු පහසුකම්වලින් සපිරුණු ආයුර්වේද කලාපයක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දේශීය පාරම්පරික හා ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්, පංචකර්ම ප්‍රතිකාර සේවාවන්, රූපලාවන්‍ය, දේශීය ඖෂධ නිෂ්පාදකයන් සඳහා වෙළෙඳ කුටි, ඖෂධ පැලෑටි අලෙවිය, ප්‍රචාරණය සහ මිලදී ගැනීමේ පහසුකම් ඇතුළු සේවාවන් රැසක් ජනතාව වෙත ලබාදීමට අවධානය යොමුකර තිබේ.

දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැති අතර ඊට යක්කල ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය රංජන ඩබ්ලිව් සෙනෙවිරත්න, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, යන මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු රැසක් සහභාගි වූහ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment