විකාශන පනතට එරෙහි වන අය ත්‍රස්ත පනතෙන් අත්අඩංගුවට ගන්න යනවා -නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

98

විකාශන අධිකාරී පනත හරහා ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සැරසෙන බවත් ඊට එරෙහිව ජනතාව පාරට බසින විට ප්‍රතිත්‍රස්ත පනත හරහා අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට සැරසෙන බවත් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ නාවල පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. මෙම පනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නොවේ. මෙය රජය විසින් මාධ්‍ය සහ ජනතාව මර්දනය සඳහා සිදුකරන කුමන්ත්‍රණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජයේ ප්‍රධාන බැංකුවලට සහ සේවක අර්ථ සාධක අරමුදලට දැඩි හානි ඇති විය හැකියි. එසේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය ගෙවීම නතර කිරීම හෝ කපා දැමීම, ණය ගෙවීම කල් දැමීම, පොලිය කපා හැරීම ආදියට යොමු විය යුතුයි. ඉන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදලට දැඩි බලපෑමක් ඇති විය හැකියි යැයි ද වසන්ත යාපා බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment