විකුණන ආයතනවලට කොමිස් කාක්කෝ රිංගති

305

රාජ්‍ය සමාගම් ඇතුළු ව්‍යවස්ථාපිත ආයතනවල කොටස් දෙස් විදෙස් සමාගම්වලට ලබාදීමේදී එම කටයුතු සම්බන්ධීකරණය කරන මෙරට නිලධාරීන්ට අදාළ සමාගම්වලින් රුපියල් කෝටි ගණනින් කොමිස් මුදල් ලබාදෙන බව හෙළිවී ඇත.

සාමාන්‍යයෙන් විදෙස් සමාගමක් මෙරටට පැමිණ යම් ආයෝජනයක් සිදු කිරීමේදී වුවත් එම ආයෝජන මුදලින් යම් යම් ප්‍රතිශත යටතේ එම ව්‍යාපාරික කටයුත්ත සම්බන්ධීකරණ නිලධාරීන්ට බෙදාදෙන බවද විවිධ සිවිල් සංවිධාන හා දූෂණ විරෝධි සංවිධාන හෙළි කරගෙන ඇත.

බොහෝ දුරට මෙම කොමිස් මුදල අදාළ ආයෝජනයට ම එකතු කරන නිසා එය රහස් ගනුදෙනුවක් ලෙස සිදුවන බව ද අනාවරණය වී තිබේ.

මේ වනවිට රාජ්‍ය ව්‍යවසායන් 120කට වැඩි ප්‍රමාණයක රජය සතු කොටස් පුද්ගලික අංශයට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

මෙම රාජ්‍ය ව්‍යවසායන් අතර ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ලිට්‍රෝ ලංකා සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා හොස්පිටල්, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය ඇතුළු ආයතන ගණනාවක ලයිස්තුවක් සකසා ඇත.

මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබෙන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරන ඒකකය මගින් රාජ්‍ය ව්‍යවසායන් හි රජය සතු කොටස් පෞද්ගලික අංශයට ලබාදීමට නියමිතය.

රාජ්‍ය ආයතනවල රජය සතු කොටස් විදෙස් සමාගම්වලට ලබාදීම සම්බන්ධීකරණ කටයුතු සඳහා ඉහළ පෙළේ පිරිස් දැඩි උත්සාහයක නිරතව සිටින බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment