වික‍්‍රමසිංහ සහ රාජපක්‍ෂගේ ශතකවලින් ශ‍්‍රී ලංකා යොවුන් පිලට සුපිරි ජයක්

393

* ආසියානු යොවුන් කුසලාන තරගාවලිය

 වයස 19න් පහළ ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ ලද දෙවැනි ජයග‍්‍රණය සටහන් කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සමත්විය. එ් නේපාල් යොවුන් කණ්ඩායම සමගින් ඊයේ (26 වැනිදා) පැවැති තරගය ලකුණු 60කින් ජය ගනිමිනි.

 චමිඳු වික‍්‍රමසිංහ සහ සදීෂ රාජපක්ෂ විසින් ශී‍්‍ර ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාජා පිටියේදී දියත් කරන ලද ලකුණු 223ක වාර්තාගත ලකුණු සම්බන්ධතාව හේතුවෙන් සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 4ක් දැවී ලකුණු 322ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. චමිඳු වික‍්‍රමසිංහ පන්දු 126කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 111ක් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එක් කරද්දී සදීෂ රාජපක්ෂ පන්දු 119කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 131ක් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එක් කළේය.

 නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 24කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 34ක් වාර්තා කිරීමට සමත්වූ අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක්ද ඔහු එක් කළේය.

 පන්දු යැවීමේදී මොහොමඞ් අලාම් ලකුණු 46කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 2ක් බිඳ දැමූ අතර දෙව් කානල් සහ බිබෙක් යාදව් එක් කඩුල්ල බැගින් බිඳ දැමීය.

 ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නේපාල කණ්ඩායම පන්දුවාර 47.5කදී සියලූ දෙනා දැවී ලකුණු 262කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී නේපාල ඉනිමේ ලකුණු 35කට කඩුලූ 3ක් බිඳ දැමීමට රවීන් ද සිල්වා සමත් වූ අතර මතීෂ පතිරණ ලකුණු 49කට කඩුලූ 3ක් සහ ෂෙවෝන් ඩැනියෙල් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලූ 1 බැගින් බිඳ දැමීය.

 නේපාලය වෙනුවෙන් ලකුණු 64ක් වාර්තා කිරීමට අර්ජුන් සවුද් සමත්විය. පන්දු 80ක් වැය වූ එම ඉනිම හයේ පහර 2කින් සහ හතරේ පහර 2කින් වර්ණවත් විය. පසු පෙළින් පැමිණ නේපාලයට ජයග‍්‍රාහී බලාපොරොත්තු ගෙන ආ බසීර් අහමඞ් පන්දු 51කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 43ක් රැුස් කළේය. බිබෙක් යාදව් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 46ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.

 ලකුණු සාරාංශය

 ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 4ක් දැවී ලකුණු 322යි (චමිඳු වික‍්‍රමසිංහ 111, සදීෂ රාජපක්ෂ 131, දුනිත් වෙල්ලාලගේ (නොදැවී* 34, ෂෙවෝන් ඩැනියෙල් 17, මොහොමඞ් අලාම් 46/2, දෙව් කානල් 55/1, බිබෙක් යාදව් 65/1*

 නේපාල් යොවුන් කණ්ඩායම පන්දුවාර 47.5 සියලූ දෙනා දැවී ලකුණු 262යි (සන්තොෂ් කාකි 34, දෙව් කානල් 28, අර්ජුන් සවුද් 64, බසීර් අහමඞ් 43, බිබෙක් යාදව් 46, රවීන් ද සිල්වා 35/3, මතීෂ පතිරණ 49/3, දුනිත් වෙල්ලාලගේ 58/1, ෂෙවෝන් ඩැනියෙල් 11/1*

advertistmentadvertistment
advertistmentadvertistment