විගණනය සවිමත් කිරීමට ඇමරිකා සහාය

259

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ  විගණන අංශ ශක්තිමත් කිරීම සඳහා තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ. ජා. නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි සංගමය (CA Sri Lanka)  සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමය (APFASL) සමගින් හවුල් වේ. මෙම හවුල්කාරීත්වය හරහා, දළ වශයෙන් රාජ්‍ය අංශයේ ගණකාධිකාරිවරුන් සහ විගණන වෘත්තිකයන් 600ක් සහ උපායමාර්ගික තීරණ ගැනීමට සහාය වන තොරතුරු තාක්ෂණ යෙදුම් සහ වෙනත් වේදිකාවල නිලධාරීන් 1,200ක් පුහුණු කරනු අත.

 නිල වශයෙන් මෙම පුහුණු වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, “අනුකූලතා අවශ්‍යතා පිළිබඳ රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ගේ දැනුම තවදුරටත් ශක්තිමත් කිරීමටත් රාජ්‍ය අංශයේ වගවීම සඳහා දායක වීමටත් අවශ්‍ය මෙවලම් සැපයීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය සතුටට පත්වනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන සංවර්ධන හවුල්කරුවකු ලෙස අපගේ දැක්ම වන්නේ රටට පෙරටත් වඩා ශක්තිමත් ලෙසින් අර්බුදවලින් ගොඩ ඒමට උපකාර කිරීමයි”.

 CA SRI LANKA සභාපති සංජය බණ්ඩාර APFASL සභාපති වී. කනගසභාපති යන මහත්වරු ද එම අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment