විගණන සේවා කොමිසමේ නව නිල මඩුල්ල

104

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ දි වුරුම් දී ඇත.කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා එම තනතුරේ දිව්රුම් දී තිබේ.එයට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීහු දිවුරුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment