විගණන සේවා කොමිසමේ නව සාමාජිකයෝ දිවුරුම් දෙති

117

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ පෙරේදා (09 වැනිදා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර ඒ අනුව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා එම තනතුරේ දිවුරුම් දුන්නේය. ඊට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීන් පත්වී ඇත.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment