විගමනික ශ‍්‍රමිකයන්ගේ ඩොලර් එකකට රුපියල් 240 ක් දෙන්න

419

අපේ රටට විදේශ විනිමය ගෙන එන විගමනික ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම අනිවාර්යෙන්ම රුපියල් දෙසීය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද අපේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමනික ශ‍්‍රමිකයන් එවන ඩොලර්වලට එසේ ඉහළ මුදලක් ලබා නොදුනහොත් ඔවුන් නියත වශයෙන්ම අවිධිමත් ලෙස එනම් උණ්ඩියල් ක‍්‍රමයට මුදල් පේ‍්‍රෂණය කිරීමේ මාර්ගවලට ඇබ්බැහිවීමට ඉඩ ඇත. එම නිසා අපි කරන වැඩවල ආර්ථික ප‍්‍රතිඵලදායීභාවය ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීරණ භාණ්ඩාගාරය නොගන්නේ නම්, අපි ක‍්‍රියාත්මක කරන මෙම වැඩ වලින් අපේක්ෂා කරන ජාතික ප‍්‍රතිඵලය නොලැබෙන්න ඉඩ තිබෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ පසුගියදා පකිස්ථානයේ දී සාහසිකයන්ගේ ප‍්‍රහාරයකින් මියගිය ප‍්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට විදේශ නියුක්ති කාර්යාංශය අරමුදලින් රුපියල් ලක්ෂ 25ක් ප‍්‍රදානය කිරීම බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති අවස්ථාවේදීය.

විදේශ රැුකියා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා ද කාර්යාංශ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ද ප‍්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ, දරුවන් සහ පවුලේ සාමාජිකයන්ද මෙම අවස්ථාවට එක් වූහ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වසරේදී විගමණික ශ‍්‍රමිකයන් ලක්ෂ තුනක් විදේශ රැුකියා සඳහා යැවීමට අපි ඉලක්ක කර තිබෙනවා. නමුත් ලක්ෂ තුනක් මෙම විගමණික ශ‍්‍රමිකයන් අපි විදේශ රැකියා ස`දහා යැව්වත් අපි ඔවුන්ගෙන් අපේක්ෂා කරන විදේශ විනිමය අපට ලැබෙනවාද යන්න ගැන අපි අවධානය යොමු කළ යුතුයි. පසුගිය කාලයේ අපේ විදේශ රැුකියා නියෝජිත ආයතන ද දැඩි උනන්දුවක් දක්වමින් ක‍්‍රියාත්මක වෙලා විශාල පිරිසක් විදේශ රැුකියවලට යවනු ලැබුවා. නමුත් මෙරටට ඩොලර් ආවේ නැහැ. එයට හේතුව ඩොලර් එකකට කළු කඬේ රුපියල් දෙසිය හතළිස් පහක් ලබා දෙන විට මොන ශ‍්‍රමිකයා ද රුපියල් දෙසීය දෙකට තමන්ගේ ඩොලර් මෙරටට එවන්නේ යැයි අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රශ්න කළේය.

එම නිසා මේ තත්ත්වය තුළ ශ‍්‍රමිකයන් ලක්ෂ හයක් විදේශ රටවලට ගියත් අපි බලාපොරොත්තු වන ආර්ථික ශක්තිය අපේ රටට ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව කරුණු අදාල බලධාරී නිලධාරීන්ද සහභාගි වන අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී කරුණු පෙන්වා දී මෙම පිටරටවල සිටි අපේ ශ‍්‍රමිකයන් එවන මුදල් වලට අවම වශයෙන් ඩොලර් එකකට රුපියල් දෙසීය හතළිහක් හෝ ලබා දෙන ලෙසට යෝජනා කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment