විජයදාස ගේන 22 ව්‍යවස්ථා මගඩියට අහුවෙන්න එපා

310

වෛද්‍ය වසන්ත බණ්ඩාර මන්ත්‍රීන්ගෙන් ඉල්ලයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගෙන එනු ලබන 22 වන ව්‍යවස්ථා මගඩියට මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා 30000 කට අධික පිරිසක් ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. තවත් 30000 කට අධික පිරිසක් අත් පා ඇස් අහිමි කරගෙන තිබෙනවා. එම නිසා මෙරට ඒකීයභාවය අහෝසි කිරීමට කටයුතු කරන මෙම ව්‍යවස්ථා මගෝඩියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොදුරු වුවහොත් මේ රටේ ජනතාව ඔවුන්ගේ කාර්යභාරය භෞතික වශයෙන් අවසන් කිර්මට කටයුතු කරනවා. එම නිසා මන්ත්‍රීවරුන් එසේ කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මෙම ව්‍යවස්ථා මගෝඩියට ගොදුරු වී අධ්‍යාත්මය සිඳගෙන ජීවත් වුවත් ඉන් ඵලක් නොමැති බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඒ මහතා එසේ කියා සිටියේ මීට පෙර සිදුකරන ලද ව්‍යවස්ථා සංශෝධනවලදී සිදුකරන ලද වංචා හෙළි කරමින් කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචනා කරන ලද කෘතියක් එළිදැක්වීමේ උළෙලේදීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment