විජය කුමාරතුංග ජන්ම දින සැමරුම හෙට

208

මානව හිතවාදී දේශපාලනඥයකු මෙන්ම ජනතා ආදරය දිනූ කලාකරුවකු වූ විජය කුමාරතුංගයන්ගේ 77 වැනි ජන්ම දිනය හෙටට (9 දා) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් හෙට විවිධ සමරු උත්සව හා වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

1984 වසරේ දී විජය කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ටී. බී. ඉලංගරත්න, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, ප්‍රේමදාස උඩගම, ඔසී අබේගුණසේකර ඇතුළු පිරිසකගේ එකතුවෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කිරීමෙන් අනතුරුව එහි නිල පුවත්පත ලෙස ආරම්භ කොට පවත්වාගෙන එමින් පසුව අක්‍රීය වූ ‘ඇස පුවත්පත’ හෙට (9දා) මාසික ප්‍රකාශනයක් ලෙසින නැවත එළිදැක්වීම පොල්හේන්ගොඩ කුමාරතුංග ඝාතනය සිදු වූ ස්ථානය අසලදී සිදු වේ.

එදා මෙදාතුර ශ්‍රී ලාංකික ජනතා සිත්සතන් තුළ නොනැසෙන ප්‍රසාදයක් හිමි කර ගනිමින් සිංහල සිනමාවේ වාණිජ මෙන්ම සම්භාව්‍ය අංශ දෙකම අතික්‍රමණය කළ රංගධරයා වූ විජය කුමාරතුංගයන්ගේ 77 වන උපන් දිනය යෙදෙන මෙදින එළිදැක්වෙන ඇස පුවත්පතේ පළමු කලාපය ඒ මහතාට උපහාර පිණිස වෙන්කොට ඇත.

මේ අවස්ථාවට පූජ්‍ය පක්ෂය ප්‍රධාන කොට පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment