‘‘විජිතපුර බලකොටුවෙන් ප‍්‍රාග් ඓතිහාසික සොහොන් බිමක් සොයා ගනී’’

741

සොහොන් භූමිය  පිහිටි ඉඩම්වලට ස්වර්ණ භූමි  ඔප්පුත් ලබාදීලා

විජිතපුර බලකොටුව ප‍්‍රදේශයේ වසර දෙදහස් තුන්සියකට වඩා පැරණි ප‍්‍රාග් ඓතිහාසික මෙගලිතික සොහොන් භූමියක් සොයාගෙන තිබෙන බව ඉපලෝගම තිරප්පනේ කලාප භාර පුරා විද්‍යා නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

අක්කර හයක පමණ භූමි ප‍්‍රදේශයක මෙම සොහොන් භූමිය තිබෙන බවත් එහි කෙසෙල් වගා කර තිබෙන බවත් දැනට පොලව මතුපිටට පෙනෙන සොහොන් ගෙවල් පහළොවක් පමණ ඇති අතර විශාල සොහොන් ප‍්‍රමාණයක් පස්වලට යටවී තිබෙන බවත් නිධන් සොරුන් විසින් සොහොන් ගෙවල් තුනක් දින ගණනාවක් තුළ හාරා නිධන් වස්තු සොයා ඇති බවත් මේ සම්බන්ධව පසුගිය(05*දා ඉපලෝගම පොලිසියට පැමිණිලි කළ බව පුරාවිද්‍යා නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා පැවසීය.

‘‘මෙම සොහොන් භූමියට අයත් පුරා විද්‍යාවෙන් සිතියම් ගත කළ සොහොන් භූමිය පිහිටි ඉඩම්වලට ස්වර්ණ භූමි ඔප්පු ලබා දී තිබෙනවා. එහි අයිතිකරුවන්ට මෙම ඉඩම්වල සංවර්ධන කටයුතු නොකරන ලෙස අපි දැනුම්දී තිබෙනවා.සොහොන හෑරුව සැකකරුවන් තවම අත්අඩංගුවට ගෙන නැහැ. මෙම ප‍්‍රදේශයේ පැරණි ජනාවාස තිබුණ බවට හමුවන පැරණි වලං සහ ගඩොල් කැබලි සාක්ෂි දරනවා. පුරා විද්‍යාවෙන් මේ සම්බන්ධව විශේෂ ගවේෂණයක් සිදුකරගෙන යනවා.’’ පුරා විද්‍යා නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙගලිතික යුගය මානව විද්‍යාඥයන් හඳුන්වන්නෙ යකඩ භාවිතයේ ආරම්භක යුගය ලෙසිනි. කලූ‍ගල්වලින් වට කරන ලද සොහොන් ගෙවල් ලෙස යොදාගෙන එකම පවුලේ සාමාජිකයින් මිහිදන් කර ඇත. ඇතැම් සොහොන් ගෙවල්වල වලං තිබීමෙන් පෙනී යන්නෙ මළ සිරුරු පුළුස්සා අලූ‍මැටි භාජනවල දමා සොහොන් ගෙදර තැන්පත් කර ඇති බවය.

කැකිරාව – සුදත් ඒකනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment