විටමින් ‘සී’ දිනකට ගත යුතු ප‍්‍රමාණය

3016

පවතින කොවිඞ් වසංගතය හමුවේ මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති විටමින් වර්ගයක් වී ඇත්තේ විටමින් ‘සී’ ය. විටමින් ‘සී’ පොදුවේ සෙම් රෝග පාලනය සඳහා දායකත්වයක් සපයයි. එනිසා දිනකට විටමින් ‘සී’ මිලිග‍්‍රෑම් 500 ක් අඩංගු පෙත්තක් වැඩිහිටියකු ලබා ගැනීම ගුණදායකය.

විටමින් ‘සී’ දිනකට ගත යුතු ප‍්‍රමාණය

දිනපතා අප ගනු ලබන එළවළු සහ පලතුරුවලින්ද විටමින් ‘සී’ ලබාගත හැකිය. නමුත් එම ආහාර මගින් දිනකට සිරුරට අවශ්‍ය තරම් විටමින් ‘සී’ ලබාගත හැකි අයුරින් අප එළවළු සහ පලතුරු ආහාරයට නොගන්නා බව වෛද්‍ය පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. එනිසා දිනපතා ගන්නා ආහාර පාන අතරට අමතර ආහාරයක් ලෙස විටමින් ‘සී’ මිලිග‍්‍රෑම් 500 ක පෙත්තක් දිනකට වැඩිහිටියකු ලබා ගැනීම සුදුසු බව වෛද්‍යවරු පවසති. විටමින් ‘සී’ මගින් සෙම් රෝග පාලනය පමණක් නොව හෘදයාබාධ ඇතිවීමද පාලනය කරයි. ඇස්වල ඇතිවන රෝගාබාධ පාලනය කරයි. සම රැළි වැටීම නවතාලයි. පිළිකා රෝග ඇති වීමට ඇති ඉඩකඩ සීමා කරයි. සිරුරේ ඇති ප‍්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.

ඇතැම් දෙනා දිනකට විටමින් ‘සී’ මිලිග‍්‍රෑම් 2000 ක් පමණ ගැනීමට යොමුව සිටිති. ඉන් ආමාෂයට අහිතකර බලපෑම් සිදුවිය හැකි බව වෛද්‍ය පරීක්‍ෂණ මගින් හෙළිවී තිබේ. විශේෂයෙන්ම ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග මතුවිය හැකි බව හඳුනාගෙන ඇත. එනිසා දිනකට මිලිග‍්‍රෑම් 500 ක පෙත්තක් ගැනීම ප‍්‍රමාණවත් බව වෛද්‍ය මතයයි.

විටමින් ‘සී’ දිනකට ගත යුතු ප‍්‍රමාණය
advertistmentadvertistment
advertistmentadvertistment