‘විටැලිටි බ්ලාස්ට් විස්සයි විස්ස’ ශූරතාව කෙන්ට් කණ්ඩායමට

163

එංගලන්තයේ පැවැති ‘විටැලිටි බ්ලාස්ට් විස්සයි විස්ස’ ප‍්‍රාන්ත කි‍්‍රකට් ශූරතාව දෙවැනි වරටත් දිනා ගැනීමට කෙන්ට් කණ්ඩායම සමත්විය. එ් අවසන් මහා තරගයේදී සමර්සෙට් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමිනි.

බර්මින්හැම් හී පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම් පන්දුවාර 20දී කඩුලූ 7ක් පමණක් දැවී ලකුණු 167ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සමර්සෙට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී ලබාගත හැකි වූයේ කඩුලූ 9ක් දැවී ලකුණු 142ක් පමණි.

කෙන්ට් වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ ජොර්ඩන් කොක්ස් පන්දු 28කදී නොදැවී ලකුණු 58ක් වාර්තා කළේය. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. සැක් ක්‍රෝලි ලකුණු 41ක් සහ ඩැනියෙල් බෙල් ලකුණු 18ක් වාර්තා කළේය.

සමර්සෙට් වෙනුවෙන් පන්දු 32කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 43ක් වාර්තා කිරීමට විල් ස්මීඞ් සමත්විය. ටොම් ඇබල් ලකුණු 26ක් ලබා ගැනීමට සමත්විය.

කෙනට් කණ්ඩායම මීට පෙර 2007 වසරේදීද ‘විටැලිටි බ්ලාස්ට් විස්සයි විස්ස’ ශූරතාව දිනා ගැනීමට සමත්වී ඇති අතර සමර්සෙට් කණ්ඩායම අවසන් මහා තරගයකදී පරාජයට පත්වූයේ සිව්වැනි වරට වීමද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment