විත්තියේ විරෝධතා ඉවතට පාඨලීට එරෙහි නඩුවේ  සාක්ෂි විභාගය ජුනි 17 දා  

133

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය එම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 17 වැනිදා ආරම්භ කිරීමට ඊයේ (03 දා) දින නියම කළේය.

අපරික්ෂාකාරී ලෙස නොසැලකිලිමත් ලෙස රිය පදවා තරුණයකු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම, තුවාලකරු ආරෝග්‍ය ශාලාවකට

රැුගෙන යෑමට පියවර නොගැනීම හා රිය අනතුර සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි. එම නඩුව පෙර දින කැඳවූ අවස්ථාවේදී එම රිය අනතුර සම්බන්ධයෙන් විත්තිකරුගේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී වරද පිළිගෙන දඬුවමට ලක්වී ඇති බැවින් සිය සේවාදායකයාට එරෙහිව එම චෝදනා යටතේම මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවක් නොමැති බවට පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා මූලික විරෝධතාවක් ගොනු කර තිබිණි.

එම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ඊයේ (03 දා) නිකුත් කරමින් විත්තියේ සියලූ විරෝධතා විනිසුරුවරයා ප‍්‍රතික්ෂේප කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment