විදුලිබල මණ්ඩලයේ ආදායම

480


නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් වූ බව ඔහු පැවසීය.

වත්මන් ගාස්තු ක්‍රමවේදයට අනුව එම ආදායම් වාර්තාකර ඇති බව අමාත්‍යවරයා පවසයි.

කෙසේවෙතත් ජනවාරි මාසයේ දී විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා හා ඩීසල් සඳහා රුපියල් බිලියන 35ක මුදලක් සහ ගල්අඟුරු සඳහා ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 38.45ක මුදලක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment