විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට ජාතික ඉන්ධන අවසර පත” (National Fuel Pass) හඳුන්වාදෙයි

202

මහජනතාවට ඉතා පහසුවෙන් විධිමත්ව සතියකට අවශ්‍ය ඉන්ධන, සීමාවකට යටත්ව ලබාගැනීම වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කරගැනීම සඳහා ”ජාතික ඉන්ධන අවසර පත” (National Fuel Pass) නමින් වැඩපිළිවෙලක් පසුගියදා හඳුන්වාදෙන ලදී.

නව ක්‍රමවේදය හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය තාක්ෂණික හවුල්කරු වශයෙන් මේ සඳහා දායකත්වය ලබාදී තිබෙන අතර, ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම යටතේ පවතින සියලු ඉන්ධන පිරවුම්හල් හරහා මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචිවීමට http://fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය අනුගමනය කර, QR කේතයක් වශයෙන් ඉන්ධන අවසර පත ලබාගත හැක. එය ඕනෑම ජංගම උපාංගයක Save කරගැනීමෙන් හෝ එහි පිටපතක් ලබාගෙන අදාළ ඉන්ධන පිරවුම්හල් මධ්‍යස්ථානයේදී ඉදිරිපත් කළ යුතුවේ. සේවාව සඳහා ලියාපදිංචි වන සෑම වාහනයකටම සතියක ඉන්ධන කෝටාවක් හිමිවන අතර, මෙය සෑම ඉරිදා දිනකම (ඉතිරි වන ඉන්ධන ඉදිරියට ගෙන යාමක් නොමැත) අලුත් කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment