විදුලියෙන් ගමනාගමනය වර්ධනය කිරීමට එක්සත් ජනපදය ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම සමගින් අත්වැල් බැඳ ගනියි  

510

තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ සහ ආර්ථික වර්ධනය උදෙසා පවිත්‍ර බලශක්තිය කඩිනමින් දියුණු කිරීමට කැප වී සිටින බව ඇමරිකා එක්සත් ජනපදයේ කොළඹ කාර්යාලය නිවේදනය කළේය.

අගෝස්තු 16 වැනි දින ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය. USAID හි ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සහ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (DPMC) අතරේ ‘ටුක් ටුක්’ යන නමින් කවුරුත් දන්නා ත්‍රිරෝ රථ, විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට හැකි කරවීමට පහසුකම් සපයනු ලබන අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන අවස්ථාවට සහභාගි වූහ. මේ හවුල්කාරිත්වය යටතේ ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් වාහන සමාගම වන DPMC සමාගම, අභ්‍යන්තර දහන එන්ජින් ත්‍රිරෝ රථ, විදුලි ත්‍රිරෝද රථ බවට පත් කර ඔවුන්ගේ දීපව්‍යාප්ත සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු වේවා ලබා දෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment