විදුලිය කපන කාලය තව දිගු කරන්න ඕනෙ නෑ

413

මහජන උපයෝගිතා කොමිසම කියයි

විදුලිබල මණ්ඩලයට අයත් තාප විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වී ඇති බැවින් දැනට සිදුකරන විදුලි කප්පාදු කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට නිසි ලෙස ඞීසල් සහ දැවිතෙල් ලබානොදීම නිසා තාප විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීමට නොහැකි වීමත් ජල විදුලි බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීම අවමවීමත් මත දැනට සිදුකරන විදුලි කප්පාදු කාලය පැය 10ක් පමණ දක්වා වැඩි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළේය.

විදුලි කප්පාදු කාල සීමාව දීර්ඝ කිරීමේ අවදානම විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කිරීමත් සමඟ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකඟතාව පළකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment