විදුලිය කප්පාදුව ඇරඹෙයි

241

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඊයේ (07 වැනිදා) සිට පැයක කාලයක් නිල වශයෙන් විදුලි කප්පාදුව ආරම්භ කෙරිණි.

ඒ අනුව සවස 5.30 සිට රාත‍්‍රි 9.30 අතර අධික ඉල්ලූමක් පවතින කාලයේදී මෙලෙස ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට විදුලිය කපාදමන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ඒ අනුව ඉදිරි දිනවලදී විදුලිය කපාහරින ඒ ඒ ප‍්‍රදේශ දැනුම්දීමට නියමිතය.

කැලණිතිස්ස ජී. ටී. – 7 විදුලි බලාගාරය ඇතුළු විදුලි බලාගාර කිහිපයකින් නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක් පමණ මේ වනවිට ජාතික විදුලි පද්ධතියෙන් ඉවත්ව තිබීම නිසා දිනකට පැය කිහිපයක විදුලි කප්පාදුවක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

කැලණිතිස්ස පරිශ‍්‍රයේ පිහිටි ජී. ටී. 7 විදුලි බලාගාරයේ නිපදවූ මෙගොවොට් 110 ක් පෙරේදා (06 වැනිදා) පද්ධතියෙන් ඉවත්වීමත් සම`ග එදින දිවයිනේ ප‍්‍රදේශ රැුසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට මණ්ඩලයට සිදුවිය.

ඊයේ (07 වැනිදා) වනවිට විදුලි උත්පාදනය කරමින් තිබූ නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ

මෙගොවොට් 300 ක් ද, වරායේ බාච් බලාගාරයේ මෙගොවොට් 60 ක්ද සපුගස්කන්ද බලාගාරයේ

මෙගොවොට් 68 ක් ද වශයෙන් මෙගොවොට් පන්සීය තිස් අටක්ම ජාතික විදුලි පද්ධතියට අහිමිව ගොස් තිබිණි. නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරයෙන් මේ වනවිට පද්ධතියට ලැබෙන්නේ මෙගොවොට් 300 ක් පමණකැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ කියා සිටිති. එක උත්පාදන යන්ත‍්‍රයක් (මෙගොවොට් 300) ක් අලූත්වැඩියාවකට නතර කර තිබෙන අතර අනෙක් උත්පාදන යන්ත‍්‍රය (මොගොවොට් 300) පද්ධතියෙන් ඉවත්වී ඇත. එය සාමාන්‍ය අතට පත් කිරීමට දින හතක් පමණ ගතවන බවද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු පැවසූහ.

මේ අතර බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් හා ඞීසල් සැපයීම පමාවීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතු වී ඇතැයිද ඔවුහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment