විදුලිය කැපිල්ල තව දිගුවෙයි

247

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුනහොත් හෙට (21 වැනිදා) සිට දිනකට විදුලිය කපාහරිනු ලබන කාලය තව වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

සිකුරාදා සවස් වන විට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් 600 ක් පමණ ඉවත්ව ගියේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා යැයි ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය හමුවේ ප‍්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන මෙරටට ආනයන කිරීමේ ගැටලූකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දිනකට විදුලිය කපා හරින පැය ගණන තව වැඩි කිරීම හැර විකල්පයක් නැතැයි ද ඒ මහතා කීය.

කෙරවළපිටිය යුගදනවි බලාගාරය (මෙගාවොට් 300), කැලණිතිස්ස ජී. ටී. 7 බලාගාරය (මෙ.වො. 115), කැලණිතිස්ස කුඩා බලාගාරය (මෙ.වො. 16), කැලණිතිස්ස ද්විත්ව චකී‍්‍රය බලාගාරය (මෙ.වො. 165) සිකුරාදා වනවිට නතරව තිබූ අතර සපුගස්කන්ද (මෙ.වො. 160) නැප්තා නොලැබී ගියහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි ද ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment