විදුලිය කැපිල්ල තීරණය අද

161

පවතින විදුලි අර්බුදය හමුවේ පැයක පමණ කාලයක් රාති‍්‍ර කාලයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

දහවල් කාලයේදී විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවත් රාති‍්‍ර කාලයේ විදුලිය විසන්ධි කිරීම පැයක්ද, විනාඩි හතළිපහක් ද යන්න අද (10 දා* තීරණය කරන බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක ඉංජිනේරු සුලක්‍ෂණ ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (9 දා* පැවැසීය.

විදුලි ඉල්ලූමට සරිලන සැපයීමක් සිදුකළ නොහැකි නිසා දහවල් සහ රාති‍්‍ර කාලයේ විදුලි විසන්ධි කිරීමට සැලසුම් කර තිබුණත් තෙල් සංස්ථාව මගින් දැවිතෙල් ලබාදීම නිසා දහවල් කාලයේදී විදුලි විසන්ධි කිරීමක් සිදු නොකර විදුලිය තව දින කිහිපයක් ලබාදීමේ හැකියාව ඇති බවද ඒ මහතා කීය.

රාති‍්‍ර කාලයට මෙගාවොට් 2500 ක් පමණ සහ දහවල් කාලයට මෙගාවොට් 2300 ක් පමණ අවශ්‍ය බවත් අද (10 දා* වන විට මෙගාවොට් 300 ක පමණ විදුලිය හිඟතාවක් පවතින බවත් ඔහු කීය. නොරොච්චෝලෙ 3 වැනි යන්ත‍්‍රය (දෙකක් කි‍්‍රයාත්මකව පවතී* යථා තත්ත්වයට පත්කර ගත හැකි වුවහොත් විදුලිය කප්පාදුවකින් තොරව ලබාදිය හැකි බවත් ඔහු කීය.

පසුගිය දිනවල ජල විදුලිය සියයට 90 ක් පමණ නිෂ්පාදනය කළද දැන් සියයට 60 ක් පමණ දක්වා අඩුවී ඇතැයිද ඔහු පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment