විදුලිය කැපිල්ල යළි ඇරැඹෙයි

92

ජල විදුලි බලාගාරවලින් අඛණ්ඩ විදුලිය ලබාදීම සඳහා ජලය මුදාහැරිය නොහැකි බවට දැනුම්දීම නිසා පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවට නැවත වරක් යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ජල විදුලිය මගින් පසුගිය දින දෙකේදී (30/31) අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කළත් එම තත්ත්වය තවදුරටත් ලබාදිය නොහැකිව පවතින බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික නවරත්න මහතා පැවසීය.

කාලගුණ විiා දෙපාර්තමේන්තුව මගින් සැලකිය යුතු වර්ෂාපතනයක් පසුගිය දිනවල වාර්තා වන බවට අනාවැකි පළකර තිබුණත් එය බලාපොරොත්තු වූ ආකාරයට නොලැබුණු නිසා ජලාශවල ජල මට්ටම අපේක්‍ෂා කළ මට්ටමට ඉහළ ගොස් නැතැයි ද නවරත්න මහතා කීය.

ජල විදුලිබලාගාර අයත් ජලාශවල ජල මට්ටම් සියයට 30කට වඩා අඩුවෙන් පවතින බවත් පවතින ජලය කළමනාකරණය කර ජල විදුලිය සඳහා විදුලිය මුදාහැරීමට කටයුතු කළහොත් ඉදිරියේදී පැය පහ, හය වැනි දෛනික විදුලි කප්පාදුවකට යෑමට පවා සිදුවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment