විදුලිය කැපීම ගැන පටලැවිල්ලක්

366


විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.විදුලි බලමණ්ඩලය විසින් ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 93ක මුදල මහා භාණ්ඩාගාර වෙතින් ලබාදීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.මේ අතර විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ කාණ්ඩ 04ක් යටතේ පස්වරු 5.30 සිට රාත‍්‍රි 9.30 දක්වා පැයක කාලයක් දිවයින පුරා විදුලිය අද සිට විදුලිය කපා හරින බවය.මහජන උපයෝගීතා කොමිසම මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ විදුලිය කැපීම සම්බන්ධව තීරණය කරන්නේ මහජන උපයෝගීතා කොමිසම බවත් වෘත්තීය සමිතිවලට ඒ සම්බන්ධ තීරණය කළ නොහැකි බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment