විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය යළි අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ

45

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය විදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඉකුත් සැප්තැම්බර් 03 වැනිදා සිට  බලපැවැත්වෙන පරිදි මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය හා විදුලිබල අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ නිර්දේශ සහිතව සිදුකරන ලද ඉල්ලීම අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

මීට පෙර ද මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට නියම කරමින් 2022.08.03 දිනැතිව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


 

advertistmentadvertistment
advertistmentadvertistment