විදුලිය – තෙල් – රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි

91

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබලය, ඛනිජ තෙල් හා රෝහල් ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ඊයේ (03 දා) නිකුත් කර ඇත. විදුලිබලය, ඛනිජ තෙල් හා රෝහල් ආශ්‍රිත සේවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බවත්, එම සේවාවලට බාධාවක් හෝ අවහිර සිදුවිය හැකි බව සැලකිල්ලට ගෙන මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment