විදුලිය බිඳ වැටීමකට ඉඩක් නැතැයි මණ්ඩලයේ සභාපති පවසයි

111


වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් පාලනාධිකරියට සිදුකර නොමැති හෙයින් හෙට හෝ අනිද්දා විදුලිය බිඳ වැටීමකට ඉඩක් නොමැති බව එම මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු මහතා අද සඳහන් කළේය.

තමන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැන ගත්තේ වෘත්තීය සමිති නායකයන් මාධ්‍යයට දැක් වූ අදහස් වලින් පමණක් බවත් හෙතෙම පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වෘත්තිමය ගැටලුවක් හෝ දුක්ගැනවිල්ලක් වෙනුවෙන් සවන්දීමට පාලනඅධිකාරිය අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් කියා සිටි ඒ මහතා එසේ නොවන දේශපාලන අරමුණක් වෙනුවෙන් ජන ජීවිතය අඩපණ වන ලෙස කටයුතු කිරීමට මණඩලයේ වෘත්තීය සමිතිවලට අයිතියක් නැති බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment