විදුලිය විසන්ධි මොහොතේ හොරෙන්ම ඉන්ධන ඇද්ද පිරවුම්හලේ කළමනාකරු ජනතාවට කොටුවෙයි

227

මසකට ආසන්න කාලයක් ඉන්ධන නොමැතිව බව දන්වා වසා තිබූ මග්ගොන පිරවුම්හලේ කළමනාකරු පෙරේදා (16දා) රාත්‍රි විදුලිය විසන්ධිව ඇති මොහොතේ පෙට්‍රල් තොගයක් පිරවුම්හලේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් ලුහුබැඳ ගොස් අල්ලා පයාගල පොලිසියට භාරදී තිබේ.

මෙසේ භාරදී ඇත්තේ බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු මග්ගොන ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු බවත් පොලිසිය පවසයි.

ඉකුත් ජුනි 20 දා සිට මග්ගොන ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් හෝ පෙට්‍රල් නිකුත් කර නොමැති අතර එහි භූගත ටැංකියක තිබූ පෙට්‍රල් මෙලෙස රැගෙන යන්නට ඇති බවට සැක පලකරන බව පොලිසිය පවසයි.

සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙසේ වුවද භූගත ටැංකිවල තවත් පෙට්‍රල් ඇත්නම් තමන්ට ලබාදෙන ලෙසට විශාල පිරිසක් ඉල්ලා සිටිමෙන් පසු භූගත ටැංකි පරීක්ෂා කළ පොලිසිය එහි තිබූ පෙට්‍රල් ලීටර් 200 කට අධික ප්‍රමාණයක් තිබී බෙදාදී ඇත.

පයාගල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ රණවීර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක කපිල සහ උප පොලිස් පරීක්ෂක කුලසේකර වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment