විදුලි අර්බුදයට ප‍්‍රධාන හේතුව ඉංජිනේරුවන්ගේ වැරදි සැලසුම්: විකල්ප බලශක්ති විශේෂඥ අසෝක අභයගුණවර්ධන

297

වත්මන් විදුලි අර්බුදයට ප‍්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් සකස් කරන ලද වැරදි දිගුකාලීන විදුලි ජනන සැලැස්ම බව බලශක්ති සංසදයේ ප‍්‍රධානී හා විකල්ප බලශක්ති විශේෂඥ අසෝක අභයගුණවර්ධන මහතා පවසයි.

පසුගිය වසර 20 පුරා පැවැති සියලූ රජයන් විසින් ඉදිරිපත් කරන ලද විදුලිබල ප‍්‍රතිපත්තිය වූයේ දේශීය පුනර්ජනනීය බලශක්තිය වැඩිදියුණු කිරීම බවත්, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් එය තුට්ටුවකට මායිම් නොකර විදුලිබල මණ්ඩලයේ විදුලි ජනන සැලැස්මේ හැමදාම ඇතුළත් කර තිබුණේ කෙලවරක් නැතිව ගල්අඟුරු

බලාගාර හා ඛනිජතෙල් බලාගාර සෑදීමට බවත් පවසන අසෝක අභයගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ පසුගිය වසර 10 පුරා රජයේ ප‍්‍රතිපත්තිය අනුව ජනන සැලැස්ම සැකසුවේ නම් අද මෙවන් විදුලි අර්බුදයක් පැන නොනගින බවයි.

‘ආණ්ඩු බලයට ඒමට පෙර සිටම එම පක්ෂ ඉදිරිපත් කළ සියලූ ප‍්‍රතිපත්තිවල සඳහන්ව තිබුණේ 2030 වන විට සාක්ෂාත් කරගත යුතු පුනර්ජනනීය බලශක්ති ඉලක්කයි. එම නිසා එම ප‍්‍රතිපත්තිවලට ජනතා අනුමැතිය ලැබී තිබුණා. නමුත් මෙම ප‍්‍රතිපත්තිය විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ තුට්ටුවකට මායිම් කළේ නෑ. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනන සැලැස්මේ හැමදාම තිබුණේ කෙලවරක් නැතිව ගල්අඟුරු බලාගාර හා ඛනිජ තෙල් බලාගාර සෑදීමටයි. දිගින් දිගටම තවත් අවුරුදු 50-60 ක් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත වැයවන පරිදි රටට ගල්අඟුරු හා ඛනිජ තෙල් ආනයනය කිරීමටයි. වර්තමාන අර්බුදයට වගකිව යුත්තේ එම ඉංජිනේරුවන්. පසුගිය වසර 10 පුරා රජයේ ප‍්‍රතිපත්තිය අනුව ජනන සැලැස්ම සැකසුවේ නම් අද මෙවන් විදුලි අර්බුදයක් නැහැ. එසේ වූයේ නම් මේ වනවිට රට පුරා සෑම නිවසකම සූර්ය වහලක් තියෙනවා. ගල් අඟුරු හා ඛනිජ තෙල් ආනයනය හරහා විදේශවලට ගලායන ඩොලර් ලංකාවට ඉතිරි වෙනවා. දුප්පත් ජනතාවට විදුලිය විකුණා අතිරේක ආදායමක් ලබා ගැනීමට ද හැකියි.

දැන් ප‍්‍රමාද වැඩි බව ඇත්තයි. එහෙත් ලබන අවුරුද්දේ හෝ මේ විදුලි හා ඩොලර් අර්බුද වැළැක්වීමට නම් දැන්වත් විදුලිබල මණ්ඩලයේ දේශද්‍රෝහී ලෙස වැඩකරන ඉංජිනේරුවන් කිහිපදෙනාගේ අත්තනෝමතික වැඩ වැළැක්විය යුතුයි’ යැයි අභයගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment