විදුලි අර්බුදය වළක්වන්න බැහැ: නොරොච්චෝලේ එක් යන්ත‍්‍රයක් හෝ අක‍්‍රීය වුණොත් රටම අඳුරේ ලංවිම ඉංජිනේරු සංගමය

347

නොරොච්චෝල ගල් අ`ගුරු බලාගාරයේ දැනට විදුලිය උත්පාදනය කරන යන්ත‍්‍ර දෙකෙන් එකක් හෝ අක‍්‍රීය වුවහොත් එම මොහොතේ පටන්ම රට පුරා විදුලිය කපාදැමීමට සිදුවන බවට ලංවිම ඉංජිනේරු සංගමය අනතුරු අ`ගවයි.

විදුලි බලාගාර ආශ‍්‍රිත ජල මට්ටම සියයට 90 සිට මේ වනවිට සියයට 60 දක්වා පමණ අඩු වී ඇතැයිද ඒ අනුව සලකා බැලීමේදී ලබන පෙබරවාරි වනවිට නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනම (මෙගාවොට් 900) යොදා විදුලිය උත්පාදනය කළත් ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වී බරපතල විදුලි අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද එම සංගමය කියා සිටී.

විදුලිය කැපුනදෙන් අපි කැමතියි විදුලිය කැපිලා යනවට. කෙටිකාලීන හා දිගුකාලීන එකදු විදුලි බලාගාරයක් හෝ ඉදිකිරීමට කටයුතු කළේ නෑ. අපේ යෝජනා කුණු කූඩෙට විසි කළා. අනිවාර්යයෙන් විදුලි අර්බුදයක් එනවා. පුද්ගලික ඞීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය අරන් තත්ත්වය පාලනය කර නොගතහොත් පෙබරවාරියේ විදුලි කප්පාදුවක් අනිවාර්ය යැයි විදුලි ඉංජිනේරු සංගමයේ ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ මෙගොවොට් 300ක එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් නවීකරණය කරන අතර අනෙක් උත්පාදන යන්ත‍්‍ර දෙක මගින් නිපදවන්නේ මෙගාවොට් 600ක් පමණකැයිද ඔවුහු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment